Breaking News
Home / Video / බණ්ඩාරවෙල – මහියංගනය බස් රථයක පිපිරීම වතුකරයේ ජනතාව ත්‍රස්ත ක්‍රියාවකට ගෙනාපු එකක් හා යාපනය උළුප්පමින් කට කතා පතුරවන රණවිරු කියාගන්නා අජිත් ප්‍රසන්න

බණ්ඩාරවෙල – මහියංගනය බස් රථයක පිපිරීම වතුකරයේ ජනතාව ත්‍රස්ත ක්‍රියාවකට ගෙනාපු එකක් හා යාපනය උළුප්පමින් කට කතා පතුරවන රණවිරු කියාගන්නා අජිත් ප්‍රසන්න

පළමුව ඌව ගුවන් විදුලියේ මාධ්‍යවේදීන් සනාත කල තොරතුරු අනුව වාර්තා කරන්නේ මෙය යාපනය දියතලාව බස් රථය නොවන බවත් මෙය හෙබරව බණ්ඩාරවෙල බස් රථයක් බවයි. මෙය උදැසන 5.25 ට දාවනය වන අතර බණ්ඩාරවෙල ප්‍රදේශයේ රාත්‍රී නවත්වන මෙම බස් රථය උදැසන දියතලාව දක්වා දාවනය කර පසුව දියතලාවේ සිට මහියංගනය හෙබරව දක්වා යන චරිත ට්‍රැවල්ස් නම්වූ බස් රථයයි. නමුත් යාපනය බස් රථයෙන් මේ බස් රථයට මගින් මාරු කල බවත් පවසනවා.

එහි රියදුරු ඌව ගුවන්විදුලියේ මාධ්‍යවේදිනියකට පැවසු ආකාරයට රාත්‍රියේ බස්රථය ආරක්ෂිතව අගුලු දමා ගොස් ඇති අතර උදැසන නැවත පරීක්ෂා කිරීමේදී කිසිදු ආගන්තුක දෙයක් නොතිබූ බවයි පවසන්නේ. මෙම බස් රථයේ උදැසනම බණ්ඩාරවෙල සිට දියතලාවට යන අතර හමුදා සාමාජිකයන් දියතලාව කදවුර වෙත දිනපතා විශාල පිරිසක් සේවයට යන අතර සුපුරුදු පරිදි අද දිනයේත් ඔවුන් එසේ විශාල පිරිසක් සේවයට ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් සිවිල් පිරිමි පුද්ගලයින් 5 ක් ගැහැණු 2 ක් සහ ගුවන් හමුදා සේවයට වාර්තා කරමින් සිටි 7 ක් හා පාබල හමුදා සාමාජිකයන් 5 ක් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර දෙදෙනකුට අසාද්‍ය බවයි පවසන්නේ. බොහෝ දෙනාගේ පාද වලට හානි වී තිබෙනවා. මෙම රථයේ රියදුරාට අනතුරක් සිදුවී නැති බවයි මාධ්‍යවේදිනිය අප සමග පැවසුවේ. මෙම පිපිරිම අත් බෝම්බයක් බව පවසන අතර පොලිසිය තවමත් එය සනාත කර නැති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සනාත කල තොරතුරු අප ඉදිරිපත් කරන අතර මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ රණවිරුවෙක් යයි ඔහු විසින්ම කියන අජිත් ප්‍රසන්න නම් පුද්ගලයා හරි හැටි තොරතුරු නොදැන දෙස් විදේස් අහිංසක ශ්‍රී ලාංකිකයන් අතර කාගේ හෝ උවමනාවකට ජාතිවාදය හා ත්‍රස්තවාදී බය ඇති කරනවාදැයි සැක සිතිය හැක්කේ ඔහු උදැසන 6 ත් 7 ත් අතර කාලය තුල “දෙස් විදෙස් මිතුරන්ට කාරණයක් කිව යුතුයි” යනුවෙන් තම ෆේස්බුක් ගිණුමෙන් වීඩියෝවක් මුදාහැර තිබීමයි.

යාපනය ලෙස පැවසු විගස දකුණේ මිනිසුන්ගේ ඔළුවල සැකයක් උපදින්නේ යාපනයේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ නිසයි. යුධ හමුදා තොරතුරු යනුවෙන් පවසමින් සමාජය ගිනි තැබීම පිළිබද වගකිවයුතු උන් ගන්න පියවර කුමක්දැයි සාමාන්‍ය ජනතාව ලෙස අප අවධානයෙන් සිටි.

මොහු කොලබ සිට සිංහ සෙයියාවෙන් ජාතිවාදය ඇවිස්සීමක් කරනවාදැයි සක සිතෙන්නේ තවමත් පොලිසිය හොමුදාව කිසිදු තොරතුරක් සනාත කරගෙන නැති අතරයි. මොහුගේ කතාවට මුලික සාධකය කරගෙන ඇත්තේ මෙය යාපනය බස් රථයක් යන්නයි. යාපනය ප්‍රදේශයේ හමුවූ බෝම්බයකුත් මෙම පිපිරීමත් අතර සම්බන්ධයක් සැදීමට මොහු මහත් උත්සහයක් ගන්නා බවත් පෙනෙන්නේට තිබේ.

රටේ ත්‍රස්තවාදයක් හට ගැනීමට අවස්තාවක් තිබේනම් එය මුළුමනින්ම උපුටා දැමිය යුතු අතර එයට දකුණ උතුර යන්න වෙනසක් නැත. එහෙත් මෙම පුද්ගලයා හරිහැටි සිමා මායිම් නොදැන බණ්ඩාරවෙල කහගොල්ල කළුද සුදුද නොදැන කොලබ සිට ඒ.සී කාර් රථයක රට ගිනි තැබීම කණගාටුවට කරුණකි. මෙවන් පුද්ගලයන් මාධ්‍ය සන්ධර්ශන තබමින් කරන කියන දෑ පිළිබද ඉදිරියටත් විශ්වාසය තබනවාද බොරු තොරතුරු හෝ ඇත්තක් කරමින් කිසි දෙයක් සොයා නොබලා තමන්ගේ හිතළු පරිදි රට ගිනි තියන මොවුන් සැබැ රණවිරුවන්ද යන්න සිතීමට හා මොවුන්ගේ අනෙක් සියලුම සන්ධර්ශනත් විශ්වාස කරනවාද යන්න බුද්දිමත් ඔබට බාරයි.

තවද මෙම බස් රථයේ දිනපතා හමුදා සාමාජිකයින් ගමන් ගන්න බැවින් ඒ යම් අයෙක් යම් පුපුරන ද්‍රව්‍යක් ප්‍රවාහනය කළාදැයි පරීක්ෂණය කරන බවත් වාර්තා වනවා.

මේ අජිත් ප්‍රසන්නගේ ෆේස්බුක් ගිණුමේ පලකල අදහස්. සැබැ තොරතුරු හා මොහු පවසන තොරතුරැ සසදහා බලන්න

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!