Breaking News
Home / දේශීය පුවත් / බණ්ඩාරවෙල නගරයේ පාසැල් නිවාස දෙදරා යයි. නගරය ගිලාබසීද?

බණ්ඩාරවෙල නගරයේ පාසැල් නිවාස දෙදරා යයි. නගරය ගිලාබසීද?

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබෙන අතර බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.

උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21 වැනිදාය. උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී. එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.

ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.

උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය. 2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.

ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.

යළිත් 2017 අප්‍රේල් මස 12 වැනිදා ‍බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තා වූ අතර තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54 ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබේ.

(13) උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණු බව වාර්තා වේ. අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ප්‍රදේශයේ ළිං ගණනාවක් සිඳී ගොස් තිබෙන අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබෙන බව වාර්තා වේ

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!