Breaking News
Home / දේශීය පුවත් / බඩේ අමාරුවක් කියා හම්බන්තොට රෝහලට ආ යාල මගපෙන්වන්නාට කොවිඩ්

බඩේ අමාරුවක් කියා හම්බන්තොට රෝහලට ආ යාල මගපෙන්වන්නාට කොවිඩ්

තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සඳහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු වී සිටිය දී එම තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගිය 12 වන දා දින ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

පසුව PCR පරීක්ෂණයක් සඳහා අවශ්‍ය නියැඳි ලබාගෙන සිටින අතරතුර උදරයේ අමාරුවක් යැයි පවසමින් ගිලන්රථයක් මඟින් 13 වනදා රාත්‍රියේ, හම්බන්තොට මහරෝහලට පැමිණ ඇති අතර එහිදී රෝගියා 18 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් අදාළ තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකු බව, සිදුකර තිබු PCR පරීක්ෂණ මඟින් තහවුරු වීමත් සමඟ ඔහු පිළිබඳව සෙවීමේ දී අදාළ රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට ඇතුළත් වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එමෙන්ම අදාළ රෝගී පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පැමිණි පුද්ගලයින් සඳහා මොහු විසින් මඟ පෙන්වා තිබේ.

එලෙස පැමිණි අයෙකුගෙන් මොහුට කොවිඩ් – 19 ආසාදනය වී ඇත්දැයි සෙවීම සඳහා සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි. කෙසේ නමුත් ආසාදිත පුද්ගලයා සමග සංචාරක හෝටලය තුළ සිටි සේවකයින් 61 ක් හා පිටත සේවකයින් 61 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

එයින් හෝටලය තුළ සිටි සේවකයින් සියල්ල ඒ තුළම රඳවා ඇති අතර, අනෙක් පිරිස නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. එමෙන්ම හම්බන්තොට මහරෝහලේ ඔහුට ප්‍රතිකාර කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිත රෝගියා මේ වනවිට හම්බන්තොට පැරණි රෝහල තුළ ස්ථාපිත කර තිබෙන කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ. – ada derana

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!