Breaking News
Home / දේශීය පුවත් / බඩට කටට ඇඟට දැනෙන්න සහනාධාර දියයුතුයි කියමින් රටවටේ යන සජිත්ට මුදල් ඇමතිකම දෙන්නයි යෝජනාවක්

බඩට කටට ඇඟට දැනෙන්න සහනාධාර දියයුතුයි කියමින් රටවටේ යන සජිත්ට මුදල් ඇමතිකම දෙන්නයි යෝජනාවක්

යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට ආණ්ඩු පාර්ශ්වයේ කිහිප දෙනෙකුගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ. ඒ ඔහු සුබසාධන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කළයුතු බවට සහ ජනතාවට විශාල ලෙස සහන ලබාදිය යුතු බවට සිදුකරන යෝජනා හේතුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතා එජාප මැයි දින රැළියට සහභාගිවෙමින් ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණ ලබාගැනීමට නම් පාසල් සිසුන්ට නොමිලේ නිළ ඇඳුම් ලබාදීම සහ පොහොර සහනාධාරය ලබාදීම කඩිනමින් නැවත ආරම්භ කළයුතු බවයි. සමෘද්ධි සහනාධාරය වැඩි කළයුතු බවට ද ඔහු අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබේ.

අදාල ඇමතිවරුන් පිරිස පවසන්නේ සියලු දේ නොමිලේ ලබාදිය යුතු බවට ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මුදල් අමාත්‍යංශය භාරදිය යුතු බවයි. එවිට ඔහු සියලු සහනාධාර ලබාදෙන සුබසාධන ආර්ථිකයකට අවශ්‍ය මුදල් සොයාගනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

සත්‍ය තත්වය වන්නේ මෙරට ආර්ථිකය සහමුලින්ම රැඳී තිබෙන්නේ විදේශ ණය/ආධාර මත යන්නයි. එවැනි ණය ආර්ථිකයක් මත රැඳී සිටිමින් රටක් දියුණු කරන්නේ කෙසේද යන්න සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ ප්‍රකාශ කළ යුතුය.

ලෝක බැංකුව ඇතුළු රටට ණය ලබාදෙන ජාත්‍යන්තර ආයතන දිගින් දිගටම පවසන්නේ ජනතාවට සහනාධාර ලබාදීම අඩු කළයුතු බවයි. එහෙත් තවමත් ශ්‍රී ලංකා රජය සුබසාධන ආර්ථිකයක් නඩත්තු කරමින් සිටී. සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින ‘ණයට ගත්තා-පිනට දුන්නා’ ආර්ථිකය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් සිදුවන එකම දෙය ආර්ථික තවදුරටත් බංකොලොත්වීමයි. ආණ්ඩුවක කාර්යය වියයුත්තේ ජනතාවට සහන ලබා දී ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගැනීම නොව රටේ ආර්ථික ස්ථාවර කිරීම හරහා ජනතාවගේ අතමිට සරු කිරීමයි.

සජිත්ට මුදල් ඇමතිකම දියයුතු යැයි කියා සිටින පිරිස පවසන්නේ, එක්කෝ සජිත් කියන පරිදි ජනතාවට සහන ලබාදීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට ඔහු සමත් වනු ඇති බවයි. එසේ නැතහොත් ආර්ථිකය හැසිරවීම යනු, හම්බන්තොට මරණාධාර සමිතිවලට ටකරන් බෙදීම හෝ කාන්තා සමිතිවලට මහන මැෂින් බෙදාදීම වැනි සිල්ලර කටයුත්තක් නොවන බව ඔහු දැන්වත් අවබෝධ කරගනු ඇති බවයි.

source infosrilankanews

About lanka

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!