Breaking News
Home / දේශීය පුවත් / බංග්ලාදේශ මුස්ලිම් අයෙක් මෝදිගේ BMICH උත්සවයට කතුරක් සමග ඇවිත්

බංග්ලාදේශ මුස්ලිම් අයෙක් මෝදිගේ BMICH උත්සවයට කතුරක් සමග ඇවිත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරය වෙනුවෙන් ආරක්ෂාව තර කර තිබුනා. අරක්ෂක බළ ඇණි වලට ඉන්දියාවේ බුද්ධි අංශද කැඳවා තිබු බවටයි පැවසුනේ. කෙසේ වෙතත් එම ආරක්ෂක වළලු බිඳ යම් සැකකරුවෙක් කතුරක් රැගෙන නරේන්ද්‍ර මෝදි සහභාගී  වූ උත්සවයකට ඇතුළු වී ඇති බවයි කියවෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව  ඉකුත් දා  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණා. ඒ  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

එම උත්සවයට කතුරක් රැගෙන ඇතුළුවී   ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි බවට සඳහන් මුස්ලිම් ජාතිකයෙක්  බවත්, ඔහු   පූජකයෙකු ලෙස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ඇතුලුවීමට උත්සහ ගනිද්දී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන  කුරුඳුවත්ත පොලිසියට භාර දී ඇති බවත් සඳහන්.

එම පුද්ගලයා පැමිණ  ඇත්තේ චීන නියෝජිතයෙකුගේ ඇතුල්වීමේ ප්‍රවේශපත්‍රයක්ද රැගෙන බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව අනාවරණ වී ඇත්තේ එය සැකකරු විසින්ම ලියාගෙන ඇති ව්‍යාජ අවසර පත්‍රයක් බවටයි.

සැකකරු පරික්ෂා කිරීමේ දී  අඟල් 6ක පමණ කතුරක් හමුවූ බව අධිකරණයට දන්වා ඇති පොලිසිය, ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බවයි සඳහන් කරන්නේ.

සැකකරු, බංග්ලාදේශයෙන් පිටුවහල් කළ අයෙකු බවත්, ඔහු නම් දෙකකින් පෙනී සිටින අයෙකු බවත් අනාවරණ වී තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන්  ජාතික බුද්ධි සේවාව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය ඇතුළු අංශ ගණනාවක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශීය ප්‍රභූන් රැසක් සහභාගී වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුවට පූජක වෙස් ගෙන, අනවසරයෙන් මෙම සැකකරු පැමිණියේ කිනම් අපරාධයකට දැයි පුළුල්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දන්වා තිබෙනවා.

සැකකරු ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අධිකරණය, සැකකරු සම්බන්ධ  වැඩිදුර වෛද්‍ය වාර්තාවක් අංගොඩ රෝහලෙන් කැඳවීම සඳහා ද නියෝග කර  තිබෙනවා.

News24.lk

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!