Breaking News
Home / ක්‍රිඩා / බංගලි සංචාරයේ ටෙස්ට් තරගාවලියට සංචිතය නම් කරයි. 2017 වැඩිම ලකුණු ගත් ලෝකයේ තුන්වෙනියා උපුල්ව ලබ්බා කපයි. සුරංගට උපනායකත්වය

බංගලි සංචාරයේ ටෙස්ට් තරගාවලියට සංචිතය නම් කරයි. 2017 වැඩිම ලකුණු ගත් ලෝකයේ තුන්වෙනියා උපුල්ව ලබ්බා කපයි. සුරංගට උපනායකත්වය

එක්දින තුන්කොන් තරගාවලිය සදහා ලංකා කණ්ඩායම අද (13) බංගලාදේශය බලා පිටත් වුනා. ඒ සමගම තරගාවලියේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ප්‍රථම වරට සුරංග ලක්මාල් ටෙස්ට් උපනායකත්වයට පත් කර තිබෙනවා.Image may contain: 1 person, smiling, playing a sport and text

කෙසේ වෙතත් 2017 වසරේ ලොව එක්දින ලකුණු 1000 සම්පුර්ණ කල තෙවන ක්‍රීඩකයා වන හිටපු නායක උපුල් තරංග මෙයට නම් කර නැ. ඒ සුමතිපාල ඇතුළු නඩය තරංගට 2019 ලෝක කුසලානය වෙන තෙක් නායකත්වය ලබා දෙන බව කී ලනුව නිසා ඔහු මාස 6කට ටෙස්ට් සදහා නොසලකා හරින ලෙස දැන්වූ නිසයි. එත් පකිස්තාන තරගාවලියට නොයාම නිසා නායකත්වය උදුරා තුන් ඉරියව් කියාගන්නා අයෙක්ට නායක කම දීම නිසා එය දැන් අදාල වන්නේ නැත.Image result for upul tharanga test

ලංකාවට ටෙස්ට් ආරම්බක පිතිකරුවකු දැන් කාලයක් තිස්සේ නැත. මෙම සංචිත දෙස බලන විට මොවුන් දනුෂ්ක ගුණතිලක හෝ දනන්ජය සිල්වා යොදාගන්නට බලනවා ඇති. අංක 3 ලෙස ඉන්දියාවේ අවසන් තරගයට ක්‍රීඩා කල දනන්ජය ලකුණු අතරට පැමිණියත් කුසල් මෙන්ඩිස් නැවත පැමිණි නිසා අංක 3 බොහෝ දුරට ඔහුට හිමිවනු ඇති.

උපුල් තරංග යනු ඉතිහාසයේ සිට ඉතා අවාසනාවන්ත ක්‍රීඩකයෙකි. ඔහුගේ පිත්තෙන් පිළිතුරු නොදුන්නානම් ඔහු ක්‍රීඩා කල තැන් වල දැන් ගසුත් පැලවී ඇත. ඔහුට සුනාමියෙන් සියලු දේපල හා ක්‍රීඩා භාණ්ඩ පවා අහිමිවිය. ඔහුට එයින් පසු පිත්තක් මිලට ගෙන අරන් දී ඇත්තේ සංගක්කාර විසින්ය. එවන් කටුක ජීවිතයකින් ලෝකයේ හොද පිතිකරුවකු වුවත් ඔහුට කල කෙනෙකෙලිකම් නොතිබුනානම් අද සංගක්කාරලා ගානට දස්කම් පෙන්වන්නට ඔහුට හැකියාවක් තිබුණි. අදටත් ඔහු ජයසුරියගේ 189 ට පසු දෙවන වැඩිම ලකුණ වන 174 හිමිවන්නේ තරන්ගටයි. ඒ ප්‍රබල ඉන්දියාවට එරෙහි ලබා ගත එකක් වන අතර එම ඉනිමෙන් පසු හරියටම ඊලග තරගයේ සිට වසර ගණනාවකට ඔහුට කණ්ඩායමට එන්නට අපේ රටේ තුප්පහි පරිපාලකයන් නොදුන්නේය.

SL Test Squad:
Dinesh Chandimal – Captain
Dimuth Karunaratne
Angelo Mathews
Danushka Gunathilaka
Kusal Mendis
Dhananjaya de Silva
Niroshan Dickwella
Roshen Silva
Rangana Herath
Suranga Lakmal – Vice Captain
Dilruwan Perera
Dushmantha Chameera
Lakshan Sandakan
Akila Dananjaya
Lahiru Gamage
Lahiru Kumara

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!