Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / බංගලි ගුවන් යානය කඩා වැටි 50ක් මිය යන්න හේතුව යානයේ නියමුවරිය සහ ගුවන්තොට අතර සිදුවු පණිවිඩ වල අනවබෝදයක්

බංගලි ගුවන් යානය කඩා වැටි 50ක් මිය යන්න හේතුව යානයේ නියමුවරිය සහ ගුවන්තොට අතර සිදුවු පණිවිඩ වල අනවබෝදයක්

පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන වැරැද්දක් බව හෙළි වී තිබෙනවා.

ගුවන් යානය 20 වන ධාවන පථයේ ගොඩ නොබස්සවන ලෙස පාලක මැදිරියෙන් සිදුකළ දැනුම්දීම නියමුවන් වටහාගෙන ඇත්තේ දෙවන ධාවන පථයේ එලෙස යානය ගොඩ නොබස්සවන ලෙස දැනුම්දීමක් ලෙසයි.

එමෙන්ම නියමුවරියක රැගෙන ආ ගුවන් යානයේ සන්නිවේදන කටයුතු ගොඩබැස්සවීමට ආසන්නයේදී නියමුවෙකු භාරගෙන ඇති බවයි පටිගත කළ සන්නිවේදනයන්ට සවන් දීමේදී හෙළි වී ඇත්තේ.

ඊයේ (12) මෙම යානය කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේ පාපන්දු පිටියකට කඩා වැටී ගිනි ගැනීමකට ලක්වූ අතර, තුවාල ලැබූ 22 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

About lanka

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!