Breaking News
Home / දේශීය පුවත් / පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝටා. මහින්ද තමන්ට දැන්වූ බව ගෝටා සති අන්ත පුවත්පතකට කියයි. සිරිසේන මහින්දගෙන් අපේක්ෂක කම හිගාකයි

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝටා. මහින්ද තමන්ට දැන්වූ බව ගෝටා සති අන්ත පුවත්පතකට කියයි. සිරිසේන මහින්දගෙන් අපේක්ෂක කම හිගාකයි

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට දැනුම් දුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනතාව සූදානම් නම් තමන් සූදානම් යයි ප‍්‍රකාශ කරන ලද්දේ ඉන් පසුව බවත් ඒ මහතා කියයි.සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත. ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වයද මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇතැයිද ඔහු සදහන් කර ඇත. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයකට තරග වදින්නේ නැතැයි මුලින් පවසා ඇති නිසා එවන් ගැටළුවක්ද පැන නොනගිනු ඇති බවට ඔහු විශ්වාසය පල කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සිය මුහුණු පොතේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.නිර්පාක්ෂික ජනපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එජාපය කටයුතු කිරීම පිලිබඳ මගේ මතය මාධ්‍යවේදීන් විමසූ විට මා පැවසුවේ ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කර නොමැති අයෙකු ජනපති ධූරයට පත් කර ගැනීමට මෙරට ජනතාව කටයුතු නොකරන බවයි.මා ගෝඨාභය විරෝධියෙකු බවට පත් වී ඇති බවත් මා එය පවසන්නේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙන බවත් හැගී යන අයුරින් එජාපයට හිතවත් යූ ටියුබ් නාලිකාවක එය සංස්කරණය කර ඇත.

ඔවුන් යටපත් කරන කාරණය වන්නේ ගෝඨාභය මහතාට ප්‍රාදේශීය සභා මට්ටමේ නොව අමාත්‍යාංශ මට්ටමින් වසර දහයක අත්දැකීම් ඇති බවයි. ඇත්තෙන්ම නිදහස් ලංකාවේ බිහිවුණු දක්ෂතම පරිපාලකයා ඔහු බව, කළ නොහැකි බවට වර්ග කර තිබුණු කොටි පරාජය සහ කොළඹ අලංකරණය සැබෑවක් කිරීමෙන් ඔප්පු කර ඇත. වාසනාවකට මෙන්, මගේ තේරීම ගෝඨාභය මහතා බවත් අප ඉදිරිපත් කරන්නේ යෝජිත අයගෙන් ජනප්‍රියම කෙනා බවත් පැවසූ කොටස ඉවත් කිරීමට සංස්කාරකට අමතක වී ඇත.

මේ කාරනා අනුව 2020 අපේක්ෂකත්වය ගැනීමට සෝම හිමිගේ දේහය ඉදිරියේ දිවුරා ආත්ම ගණනකට වංචාකාරයෙක් වී ඇති සිරිසේන මහින්ද වෙනුවෙන් ජනාධිපති තනතුර ඇතුළු සියලුම දේ පාවා දෙමින් සිටියත් අපේක්ෂකත්වය පිළිබද අභ්‍යන්තර ගැටළු රාශියක් මේ වන විට ඇති වෙමින් යයි. කෙසේ වෙතත් තවත් මාස 8 ගිය තැන සිරිසේනගේ ඉරණම විසදෙන අතර පසුගිය මාස 41 ක දුර කාලය තුල සිරිසේන විදෙස් සංචාර 31 ක් ගොස් ඇත. එහෙත් ඒවායින් මොහු රටට ගෙනා නව ආර්ථික සමාජයීය වාසි මොනවාදැයි කවුරුත් නොදන්නා අතර මේ දිනවල ඉතිහාසයේ ප්‍රථම වරට රටේ ජනාධිපතියා ආණ්ඩු පක්ෂයේ කිසිවකු සමග සංචාර නොගොස් විපක්ෂයේ ලගම කුක්කන් සමග සංචාරයේ යෙදෙමින් සිටි.

අදාල විෂයන් සදහා ද්වි පාර්ශවිය ගිවිසුම් වලට එලබීමට බවා අදාලා විෂයේ ඇමතිවරුන් නැති අතර ඒ වෙනුවට මොහු ලග ඇත්තේ සිරිසේනට රෙදි ගලවන් කඩේ යන විපක්ෂ බාල්දි ටිකක් පමණි. ඔහු කැමතිවුවත් අකමැති වුවත් රටේ නායකයා ලෙස දිවුරුම් දුන් පසු වගකීමකින් සම්ප්‍රදාය හා රටට අවශ්‍ය ලෙස වැඩ කිරීමට බැදී සිටියත් මේ නුගත් පුද්ගලයා ගමේ චන්ඩියා මෙන් තනතුර අවභාවිත කරමින් උම්මන්තකයකු සේ හැසිරෙමින් සිටි.ම්ම්

About article14

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!