Breaking News
Home / දේශීය පුවත් / පොහොට්ටුවේ ප්‍රභල නායකයන් සමග හඬ පට තොගයක් රන්ජන් ලග තිබිලා

පොහොට්ටුවේ ප්‍රභල නායකයන් සමග හඬ පට තොගයක් රන්ජන් ලග තිබිලා

රන්ජන් රාමනායක හා ආණ්ඩුවේ ප්‍රබලයන් පැවැත්වූ සාකච්ඡා ඇතුළත් හඩ පට හැකිනම් ප්‍රසිද්ධ කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කර සිටිනවා. වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකගේ හඩ පට රන්ජන්ගේ නිවසේ තිබි සොයාගත් සිඩි වල තිබෙන බව මේ වන විට හෙළිදරව් වී ඇති බව විපක්ෂ මන්ත්‍රී වරු පවසනවා.

එම හඩපට සියල්ල ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති අතර ඔහු විසින් එම හඩ පට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවා ඇති බව ඔවුන් සදහන් කරනවා.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරු, පොලිසිය හා විනිසුරුවරියක් සමග පැවැත්වූ සාකච්ඡා පමණක් හෙළි කර අනෙක් හඩ පට සගවන්නේ දේශපාලන අරමුණකින් බව විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරන අතර එම හඬ පට එලි නොකරන්නේනම් රන්ජන් ලග තවත් පිටපත් තිබිය හැකි බව එජාප මන්ත්‍රීවරු පවසනවා.

දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් කරන හඩපටවලට අමතරව අනෙක් හඩපට ද එළි දක්වන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටින අතර ආණ්ඩුවේ ප්‍රභාලයන් සමග කල සංවාද හෙළිකිරීමට නොහැකි එහි අඩංගු කාරනා ඔවුන්ට අවාසි නිසාදැයි එජාපය ප්‍රශ්න කරනවා.

විජේදාස රාජපක්ෂට අදාළ හඩ පටියක් මේ වන විට නිකුත් වී තිබෙනවා. එය පහතින්

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!