Breaking News
Home / දේශීය පුවත් / පොහොට්ටුවට ගිය 60 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපති සුදානම් වෙයි

පොහොට්ටුවට ගිය 60 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපති සුදානම් වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ ඒ මහතා, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විට පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරණ මන්ත්‍රී ලයිස්තුව හා ඒ වෙනුවට පත්කරනු ලබන ලයිස්තුව යන දෙකම සකස් කර ඇති බවත් එය ඉදිරියේදී එක්සත් ජනතා සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 95 දෙනෙකුගෙන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් පොහොට්ටු සාමාජිකත්ත්වය ලබාගෙන ඇති බව පැවසේ. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් දැනට පක්ෂ සාමාජිකත්වය දරණ පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයට හැකියාව ඇති අතර එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධූරයද අහෝසි කිරීමට හැකියාව පවතී. – srilankan mirror

නමුත් මෙවැනි තීන්දු ගන්නවායියි එක වරක්ද සුදානම් වූ නිදහස් පක්ෂය පසුව පොහොට්ටුව සමග දිග කන්නේ කෙසේදැයි සාකච්චා කළේය. එනිසා මේවා බොහෝ දුරට දේශපාලනමය වශයෙන් තර්ජන පමණක් වන අතර බය කර තමන් තවත් කේවල් කිරීමේ හැකියාව වැඩි කර ගැනීමේ උපක්‍රමයක් විය හැකි. ප්‍රතිපත්ති දේශපාලකයන් අද මේ රටේ නැත.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!