Breaking News
Home / දේශීය පුවත් / පොලිසිය කුඩු උවදුර බලපෑමක් නැතිව තුරන් කරනවා සේ ක්‍රිකට් ක්‍රීඩාවත් සුද්ද කල යුතුයි – රනිල්

පොලිසිය කුඩු උවදුර බලපෑමක් නැතිව තුරන් කරනවා සේ ක්‍රිකට් ක්‍රීඩාවත් සුද්ද කල යුතුයි – රනිල්

පොලිසිය ස්වාධීන කර මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනින් දේශපාලනය ඉවත්කළා සේ ක්‍රීඩාවෙන්ද දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 24 වෙනිදා අරණායක දී පැවසීය.අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර අවසන් බව පැවසූ රනිල් වික්‍රමසිංහ දැන් තිබෙන්නේ ආර්ථිකය නවීකරණය කිරීම බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පසුගිය 24 වෙනිදා අරණායක මාවතගොඩ රිවිසඳ විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.අපේ රජය යටතේ ජාතික පොලිස් කොමිසම ආරම්භ කළා. එහි ප්‍රතිපල තමයි දැන් මේ ලැබෙමින් තිබෙන්නේ. දේශපාලන මැදිහත්වීම් වැලැක්වීම හරහා ලංකාව තුල මෙන්ම ලංකාවෙන් පිටතත් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අපට හැකිවී තිබෙනවා යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

රටේ ක්‍රිකට් දියුණු වීමට නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිය යුතුයි. රිවිසඳ විද්‍යාලය වේවා, මයුරපාද විද්‍යාලය වේවා ලංකාවේ වෙනත් ඕනෑම විද්‍යාලයකත් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණය වෙන්නේ ඒ හරහා අනාගතයක් නිර්මාණය කර ගැනීමටයි. එවැනි ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමින් පහතට වැටෙනවා නම් එය විශාල ප්‍රශ්නයක්. එම නිසා අප ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කරගත යුතුයි යනුවෙන් වැඩි දුරටත් අගමැතිවරයා පවසා තිබෙනවා.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!