Breaking News
Home / දේශීය පුවත් / පොලිස් ඇමැතිකමට එස්. එෆ් එනවාට නිදහස් පක්ෂ ප්‍රබලයන්ගේ දැඩි විරෝධයක් නිසා අදත් කැබිනට් සංශෝධන නැතිව තවත් රට අරාජික වෙන්න හරිනවලු

පොලිස් ඇමැතිකමට එස්. එෆ් එනවාට නිදහස් පක්ෂ ප්‍රබලයන්ගේ දැඩි විරෝධයක් නිසා අදත් කැබිනට් සංශෝධන නැතිව තවත් රට අරාජික වෙන්න හරිනවලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් සිදුව ඇතැයි දේශපාල ආරංචි මාර්ග පවසනවා.එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව අවධානය යොමුව තිබෙන බව සඳහන්.

මේ අතර බොහෝ දෙනා බලා සිටින කැබිනට් සංශෝධනය අද (23) සිදුවනු ඇතැයි වාර්තා වනවා.

මෙහිදි අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙන අමාත්‍යධූරය පිළිබඳ අවධානය යොමුව තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදිය යුතුයැයි යොජනා කර තිබෙනවා.

නමුත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඊට විරෝධය පළකර ඇති අතර එම තීරණය වෙනස් කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

උපුටා ගැනීම nethfm

අද දින කැබිනට් සංශෝධනය වන බව පවසන නමුත් ජනාධිපති මාධ්‍ය අංශයට අයත් වෙබ් අඩවි එය අද සිදු නොවන බව වාර්තා කරනවා. සියලුම දේ අවසන් පැය තුල වෙනස් වීම රටකට හොද ලක්ෂණයක් නොවේ. දැනට සති 2 ක සිට රට අදුරු යුගයකට තල්ලු වෙමින් තිබෙනවාද යන්න කාටත් නැගෙන ප්‍රශ්නයක්.

පාට පක්ෂ සදහා බල අරගල කරන දේශපාලකයින් රටේ ජනතාව ගැන සිතන්නේ නැති බවනම් හැමවිටම ඔප්පු කර අවසන්. තමාගේ පක්ෂයෙන් හෝ පුද්ගලයකු සොයාගෙන තමාගේ ආදරය අනුව පුදගලයින් පත් කරගෙන රට ස්ථාවර කිරීම ඔවුන්ට ඇති දැඩි වගකීමක්.

මෙම රට පක්ෂ දෙක තුනක බුදලයක් නොවෙන අතර රටේ ජනතාව දේශපාලුවන්ගේ අතකොලු හෝ ප්‍රාණ ඇපකරුවන් නොවන බව ඔවුන් වටහා ගත යුතුයි.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!