Breaking News
Home / දේශීය පුවත් / පොලිස්පති ජනාධිපතිගේ මිනිහෙක් බව කියද්දි ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති හමුවීම ප්‍රතික්ෂේප කරලා

පොලිස්පති ජනාධිපතිගේ මිනිහෙක් බව කියද්දි ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති හමුවීම ප්‍රතික්ෂේප කරලා

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට මෙරට ත්‍රිවිධ හමුදාපතිවරු තීරණය කර ඇත.

ඒ, ඊයේ (07) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරු කැඳවූ අවස්ථාවේ ඔවුන් තිදෙනාම එම ආරාධනාව බාර නොගෙන අදාළ කැදවීම සඳහා නියෝජිතවරු තිදෙනකු පිටත් කර හැරීමෙනි.

කෙසේ වෙතත් ලැබෙන ආරංචිමාර්ගවලට අනුව ජනාධිපතිවරයා ද අදාළ නියෝජිත තෙපළ හමු නොවී එම හමුව කල් දැමු බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග පවසයි.

නමුත් පොලිස්පති වෙනස්ම පුද්ගලයකු බවට පත්වි ඇත. කලින් රජය පැවති සමය හන්දි ගානේ අඬ අඬ සිටි පොලිස්පති තමන්ගේ නිලධාරින් විසින්ම නඩු ගනනාවක් දමා ඇති ගෝඨාබය රාජපක්ශට සැලියුට් ගසා රාජකාරි ආරම්භ කලේය.

එහි දෙවන කොටස ඊයේ(7) මාධ්‍ය සාකච්චාවක් පැවත්වු පොලිස්පති පවසා සිටියේ ඔහු පිලිපදින්නේ ජනපතිගේ උපදෙස් පමනයි යන්නයි. යූ එන් පී පොලිස්පති කියූ අයද දැන් සොයාගන්නට නැත.

එසේම ජනාදිපති ගාතන තැතට අසුවී ඇත්තේද ජනාදිපතිගේ උපදෙස් පමනක් පිලිපදින පොලිස්පතිගේ නිලධාරියෙක් වීමත් බුද්ධිමත් ජනතාවට නැවත සිතා බැලිය හැකි කාරනයකි.

මේ සියලු නාටක අනුව කොටස් වෙළදපල පසුගිය මාස 9 පිටට ගලා ගිය ආයෝජන වලට සමාන ප්‍රමානයක් පසුගිය දින 10 තුල ගලා ගොස් ඇත. ඒ මේ රටේ අස්තාවර ස්බාවය නිසයි. කවුරුන් ආන්ඩු කලත් පාර්ලිමේන්තුවෙන් ස්තාවරත්වය සාදා පෙන්වීමට ජනාදිපතිවරයා අපොහොසත් වීම තමන්ගේ ආසවන් වෙනුවෙන් රටේ අනාගතයට කරන ලැජ්ජා සහගත ද්‍රෝහි කමකි.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!