Breaking News
Home / දේශීය පුවත් / පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පතක් සාදා ආණ්ඩුවට දෙන්න කතා කලත් ආණ්ඩුව ගණන් ගත්තේ නැ. පම්පෝරි ගහ ගහා හිටියා දැන් ආය රට අවුල් – රනිල්

පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පතක් සාදා ආණ්ඩුවට දෙන්න කතා කලත් ආණ්ඩුව ගණන් ගත්තේ නැ. පම්පෝරි ගහ ගහා හිටියා දැන් ආය රට අවුල් – රනිල්

කොරෝනා වසංගතයේ ට හොඳින් මුහුණ දී එය මර්දනය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක අවශ්‍යතාවය සලකා තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව නීති කෙටුම්පතක් සකස් කළ බවත් එය සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට ලබාදීමට කැමැත්ත පළ කළ ද ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පත ලෙස නම් කරනු ලැබූ එම පනත තමාද එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රමුඛ නීති විශාරදයින් එක්ව සකස් කළ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .

ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වසංගතය ට මුහුණ දීම සඳහා කඩිනමින් නීති සම්පාදනය කරගෙන තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එවැනි නීති පද්ධතියක් තිබේ නම් වසංගතයක් පවතින තත්ත්වයක් යටතේ වුවද ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල නොකොට පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලබාගත් පසු පළමුවෙන්ම කරන්නේ පොදු සෞඛ්‍ය හදිසි අවශ්‍යතා නීති කෙටුම්පත සම්මත කර ගැනීම බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

මෙවර මහ මැතිවරණ ජයග්‍රහණය සඳහා බියගම පැවති ජන රැලියකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) මේ බව සඳහන් කළේය.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!