Breaking News
Home / විශේෂ ලිපි / පොඩි කඩේකින් පටන් ගත්ත ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා එයාටම කියලා හදාගත්ත කෝටි 16 ක් වටිනා බෙන්ට්ලි සුපිරි කාර් රථය

පොඩි කඩේකින් පටන් ගත්ත ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා එයාටම කියලා හදාගත්ත කෝටි 16 ක් වටිනා බෙන්ට්ලි සුපිරි කාර් රථය

ශ්‍රී ලංකාවේ කොටිපතියන් අතර පළමු තැන හිමි කරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා තවත් අධි සුඛෝපභෝගී රථයක් මෙරටට ආනයනය කර තිබෙනවා.

එහි වටිනාකම තීරු බදු සහිතව රුපියල් මිලියන 160ක් බෙන්ට්ලි මුල්සෝන් හෝල්මාක් වර්ගයට අයත් මෙය දකුණු ආසියාවේ සහ මැද පෙරදිග එම රථය මිළදීගත් පළමු අවස්ථාවද විය හැකියි.

මෙය ලොව වටිනාම සුඛෝපභෝගී මෝටර් රථය වන අතර එය අතිශය වටිනා ලෝහ සහ මැණික් ගල් ඔබ්බවා නිපදවා ඇත.

මියුලිනර් නිමවන මුල්සෝන් හෝල්මාක් කාණ්ඩයේ අතින් නිපදවෙන මෝටර් රථ, පනහක් පමණක් එක් වර්ගයකින් නිෂ්පාදනය වෙයි. මේ නිසාම මෙම වාහන අතිශය දුර්ලභ සහ ඉහළ වටිනාකමකට හිමිකම් කියයි.

ධම්මික පෙරේරා මහතා මිළදීගත් නිල් සහ පෝසිලේන් සුදු පැහැ මුල්සෝන් හෝල්මාක් රථය එම වර්ගයේ පනස් වැනි රථය වූ අතර එය ඊයේ(14දා) ගුවන් මගින් මෙරටට ගෙන එන ලදී.

මුළු ආසියාවටම මුල්සෝන් හෝල්මාක් රථ ඇති බවට වාර්තා වන්නේ තුනකි. බේන්ට්ලි සමාගමේ ෆ්ලෑග්ෂිප් කාණ්ඩය ලෙස මුල්සෝන් හෝල්මාක් ඛාණ්ඩය හඳුන්වයි.

About lanka

Check Also

වෙරලියද්දගේ සින්දු බෙදාගන්න බැරිව ප්‍රසංග වලට ආපුවම ගහගන්නවා කියලා කතා හැදුවට චාමර තම හොඳම මිතුරා දමිත් වෙනුවෙන් සටහනක් තබයි

උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!