Breaking News
Home / දේශීය පුවත් / පෙට්‍රල් රුපියල් 9 කින් ඩීසල් රුපියල් 5 කින් මිල ඉහල යයි දැනට ඉන්දියන් ඔයිල් විතරයි සිපෙට්කෝ තවම තීරණයක් නැ

පෙට්‍රල් රුපියල් 9 කින් ඩීසල් රුපියල් 5 කින් මිල ඉහල යයි දැනට ඉන්දියන් ඔයිල් විතරයි සිපෙට්කෝ තවම තීරණයක් නැ

ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. අයි. ඕ.සී. ඉන්ධනහල් හිමියන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව ලංකා අයි. ඕ.සී. එල්.පී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති.

ලංකා අයි. ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2015 වසරේ ජනවාරියේ සිට පෙට්‍රල් අලෙවියෙන් සහ 2016 වසරේ සැප්තැම්බරයේ සිට ඩීසල් අලෙවියෙන් සමාගමට විශාල පාඩුවක් සිදුවන බවයි.

එම පාඩුව රුපියල් මිලියන 1304 ඉක්ම වීමෙන් අනතුරුවයි මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ. ජාත්‍යන්තර වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 69 දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 12ක පාඩුවක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 17ක පාඩුවක් සිදුවන බවත්, ලංකා අයි. ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඉන්ධන මිල අඩු කිරීම සඳහා බදු අඩු කිරීමක් රජයෙන් අපේක්ෂා කෙරෙනවා. කලාපයේ අනෙකුත් රටවල පෙට්‍රල් සහ ඩීසල් මිල සාපේක්ෂව අඩු මට්ටමක පවතින්නේ ඒ සඳහා පැනවෙන බදු අඩු මට්ටමක පැවතීම හේතුවෙන්. මේ නිසා මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදුව ඇති බව ලංකා අයි. ඕ.සී සමාගම පෙන්වා දෙනවා.

මේ අතර, ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නංවන්නේ දැයි අප එහි සභාපති ධම්මික රණතුංගගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබදව දැනට කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර කියා සිටියේ බදු අඩු කර එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!