Breaking News
Home / දේශීය පුවත් / පුංචි ඡන්දෙන් නිදහස් පක්ෂේ තුනට වැටෙන නිසා මෛත්‍රී ආතතියෙන්. බැඳුම්කර වාර්ථාව දේශපාලන ප්‍රහාරයක්

පුංචි ඡන්දෙන් නිදහස් පක්ෂේ තුනට වැටෙන නිසා මෛත්‍රී ආතතියෙන්. බැඳුම්කර වාර්ථාව දේශපාලන ප්‍රහාරයක්

2018 වර්ෂය ආරම්භයත් සමග ජනාධිපතිවරයාගේ හැසිරීම ඉතා වෙනස් ස්වරූපයක් ගත් බව දේශපාලන විශ්ලේශකයන්ගේද විමතියට කරුනක් වූවා. ඔහුගේ උපදේශකයන්ගේ ක්ෂනික හා එක පිට එක වෙනස්වන තුරුම්පු බාවිතයක් අවසන් සති තුනේදි දක්නට ලැබුනා.

එයින් ප්‍රධානතම තුරුම්පුව වූයේ බැඳුම්කර කොමිසන් වාර්ථාවයි. පිටු එක්දහස් ගනනකින් කොල කීපයකට කෙටි කරගත් සාරංශයේ වැඩි හරියක් සටහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කරුනු කාරනායි. එහිදී එජාපයේ නායකයාගේ බෙල්ල ලගින් කඩුවේ හුලන් පහරක් හැරීමට ඔහු අමතක නොකරන්නේ අගමැතිවරයාගේ මහ බැංකු අධිපති පත් කිරීම පිලිබද වාක්‍යයක් දමමින්. අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේ ඇයි හොඳයිය නැවත ෂේප් කරගන්නේ මෙහිදි අගමැතිවරයා නිසි ලෙස කටයුතු කර ඇති බව පවසමින්. තවද එහි අගට විනිවිදබාවය සාධාරනත්වය පෙන්වීමට යොදාගන්නා කොටස වන්නේ 2008 සිට 2014 දක්වා බැඳුම්කර මගඩි සිදුවී ඇති බවයි. එහෙත් ඒවාට පරීක්ෂනයක් නැත. එය පරික්ෂා කලත් එයට තව වසරක්වත් ගතවනු ඇත. එවිට සිදුවිය යුතු දේ සිදුවී අවසන්ය.

හිටපු මුදල් ඇමති සෘජුවම වැරදිකරු කර සමාජයට උලුප්පා පෙන්වීමත් හරි වැරැද්ද කෙසේ වෙතත් එය දේශපාලනික ප්‍රහාරයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. පිටු එක්දහස් ගනනකින් තෝරාගත් කරුණු අදවන විට මැතිවරන සටනේ එජාපයට එරෙහිව සහ ක්ලීන් මෑන් හොරකු බවට පත් කිරීමට බාවිතා වේ. කොමිසමේ වැඩ අවසන් වී නැවත දික් කරගන්නේද පෙබරවාරි 10 ට කල්යල් මැනීමටයි.

මේ වන විට මෙම වාර්ථාව ජනාධිපතිවරයා සමග එකම වේදිකාවේ විවේචනය කරන්නේ ඩිලාන්, සුසිල්, එස්.බි, හා තවත් ජාතික ආණ්ඩු ඇමති වරුන්. ඔවුන්ද පසුගිය ආණ්ඩුවේ යම් දූෂන චෝදනා ඇත්තන්. ඔවුන් ජනාධිපති ඉදිරියේ අගමැති හොරා යයි කීමට තරම් එඩිතර අතර අගමැති එම ප්‍රකාශයන්ට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.අගමැතිවරයා ඔහුගේ ගෝලයන්ගේ කට බැන්දාට ජනාධිපතිවරයා ඔහුගේ ගෝලයන්ට එපා නොකියයි.

නමුත් ජනාධිපති විවේචනය කරන එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ගැන ඉවසාගැනීමට නොහැකිවී “පික් පොකට් ජනාධිපති” ලෙස හැදින්වීම දරාගත නොහැකිවී කැබිනට් මන්ඩලේ ප්‍රධානියා සගයන් ඉදිරියේ නැගිට යයි. එය සේනාධිනායකයාට සුදුසු කාරනයක් නොවන බවයි විශ්ලේෂකයන්ගේ අදහස.

මේ සියළු කුලප්පු ඇතිවීමට යම් කාරණයක් හෙලිවී ඇත. එනම් යම් යම් නිල නොවන සමීක්ෂන වාර්ථාවන් පවසන අන්දමට එජාපයට වැඩි බරක් මැතිවරනයේදී ලැබෙන බව කලයල් තියාම උපදේශකයන් දැන සිටීමත් පොහොට්ටුව දෙවන ස්ථානයට විත් නිදහස් පක්ෂය තෙවැනි ස්ථානයටත් වැටීම මෙම දේශපාලන ප්‍රහාරයට හේතු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ මෙම හයිස්පීඩ් තත්වය පෙබරවාරි 10 වන විට බොහෝ විට අවසන් වනු ඇති. එහෙත් දේශපාලනිකව බෙදි එල්ල කරගත් ප්‍රහාරයන් නිසාවෙන් පෙබරවාරි 10 න් පසු පෙරලියක් ඇතිවීමට පවා හේතු සාධක ඇතිවිය හැකි බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ. හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේ දැකගත හැකිවෙනු ඇත.

ජීවා

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!