Breaking News
Home / දේශීය පුවත් / පීඩන අවපාතය කි.මී 300 එපිට මුහුදේ සුළිකුණාටුවක් වන බවට කාලගුණෙන් පැය 12 කට රතු නිවේදනයක්

පීඩන අවපාතය කි.මී 300 එපිට මුහුදේ සුළිකුණාටුවක් වන බවට කාලගුණෙන් පැය 12 කට රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) පෙරවරු 10ට තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ඉදිරි පැය 12 සඳහා මෙය නිකුත් කළ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේවනවිට කොළඹ සිට කිලෝමීටර් 300 පමණ බස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේ දී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එහි සඳහන්.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශ වල තද වැසි සහ විටින්විට හමන තද සුලං (පැ.කි.මී. 60-70 පමණ) බලාපොරොත්තු වන බවයි එහි දැක්වෙන්නේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත් වල ඇතැම් ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බවත් එහි සඳහන්.

මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතාතද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වනවා.

සුළගේ වේගය විටක පැ.කි.මී. 90-100 දක්වා වැඩි විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළගේ වේගය විටක පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකියි.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
එම නිවේදනයේ වර්ණය රතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

(අම්බලන්තොට අජිත් / සනත් ගමගේ / ධනුෂ්ක ලංකා අගලවත්ත)

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!