Breaking News
Home / දේශීය පුවත් / පිතිකරුවන්ට නුවණ පහලවේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි අපේ වැඩක් බලාගමු!

පිතිකරුවන්ට නුවණ පහලවේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි අපේ වැඩක් බලාගමු!

ශ්‍රී ලංකාව 139/1 තිබී අවසානයේ 216 කට සියල්ල දැවී ගියා. අවසන් පන්දුවාර 17 දී 77 ට කඩුලු 9 ක් දී අවසන් කලා. හොද ආරම්භයක් ලබා දුන්නත් මැදපෙල කිසිදු වගකීමක් නැතිව ක්‍රීඩා කලා. පන්දුවාර 43 න් තරගය නිමයි.

සුපුරුදු පරිදි බුද්ධියෙන් ක්‍රිකට් ගැසීමක් ඔවුන්ගේන් දැක්කේ නෑ. නැවතත් කඩුලු පූජා කිරීමක් ඔවුන් කලේ බලා සිටන උන් පුදුමයට ලක් කරමින්.

ක්‍රිකට් දන්න බොහෝ දෙනා දැන් කියන්නේ දැනුම නැති උන් විවේචනය කරනවා කියලා. ඉතිං මන්දබුද්ධිකයන් මෙන් ඉවසීමක් නැතිව ක්‍රීඩා කරනවා පෙනෙද්දි බලා සිටින උන්ට ක්‍රිකට් මහාචාර්ය උපාදි ඕන වෙන්නේ නෑ දකින දේ පහාදාගන්න. මැදපෙලට බුද්ධියක් ඇති උන් නැති වීමයි මේ කරුමය. තරග ගනනාවකම අප දුටුවේ කඩුලු පූජා කිරීම පමනයි. නැතිව අමාරුවෙන් පන්දු යවන උන් විකට් ගන්නවානම් නෙවෙයි.

ඔක්කටම කලින් සෙල්ලම් කරන උන්ට ඉවසීම පමනක් පුහුණු කල යුතුයි. දක්ෂතාවයේ ප්‍රශ්නයක් නෑ. මොවුන්ට නුවන පහලවේවා කියලවත් අපි ප්‍රාර්ථනා කරලා අපේ වැඩක් බලාගමු..

About article14

Check Also

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!