Breaking News
Home / ක්‍රිඩා / පිටියේ නොවිය යුතු දේවල් ගොඩක් එදා වුනා. අමතර ස්ටිකරයක් බැට් එකේ ගහපුවම 50% ක දඩ ගහනවා. 25% ගැන කණගාටුයි – රසල්, රොෂාන් ලෝකෙටම කියයි

පිටියේ නොවිය යුතු දේවල් ගොඩක් එදා වුනා. අමතර ස්ටිකරයක් බැට් එකේ ගහපුවම 50% ක දඩ ගහනවා. 25% ගැන කණගාටුයි – රසල්, රොෂාන් ලෝකෙටම කියයි

නිදහස් කුසලාන අවසන් තරගයේ බංගලියන් පහර දෙන 8 වන පන්දුවාරයේදී රසල් ආනල්ඩ් හා ලෝකපුජිත බ්‍රෙට් ලී ජාත්‍යන්තර විචාරයේ යෙදී සිටියදී අවසන් වූ බංගලි ලංකා තරගය ගැන කතා කල අතර එහිදී රසල් පැවසුවේ පිටියේ නොවිය යුතු බොහෝ දේ එදා දිනයේ සිදුවූ බවයි.

එය ක්‍රීඩාවට හොඳ කාරණයක් නොවන බවත් වරක පිතිකරුවකු අමතර ස්ටිකරයක් ගසාගෙන සිටි නිසා ඔහුට 50% ක දඩයක් පවා ගසා ඇති ඉතිහාසයක ක්‍රිකට් ක්‍රීඩාවට කැළලක් කල සිද්දියට සම්බන්ධ වුවන්ට 25% ක වැනි සුළු දඩයක් ගසා ඇති බවයි.

රස්ටි පවසන්නේ ICC ය දඩුවම් ලබා දීමේදී කාටත් සමානව සැලකීමට දැනගත යුතු බවයි

ලෝක පුජිත බ්‍රෙට් ලි පවා රස්ටිගේ අදහස අනුමත කල අතර මෙම සිද්දියට ලබා දී ඇති දඩුවම පිළිබද ජාත්‍යන්තර විචාරකයන්ගේ පවා කනස්සල්ලට හේතුවී තිබෙනවා.

රොෂාන් අබේසිංහ පවා මෙම සිද්දිය පිළිබද කණගාටුවන බව ජාතික රුපවාහිනි සේවයේ විචාරයක නිරතවෙමින් පැවසු නිසා ඔවුන් අනිවාර්යෙන් ජාත්‍යන්තර විචාරක කුටියේ සිටින අනෙක් 6 දෙනා සමගද මෙය පවසා ඇති යන්න පැහැදිලි. එනිසා මේ ලිහිල් දඩුවම පිළිබද යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව පැහැදිලි.

Image result for sri lanka vs bangladesh

නැවත 12 වන පන්දුවාරයේදී රොෂාන් අබේසිංහ ජාත්‍යන්තර විචාරක කුටියේ සුනිල් ගවස්කාර් අමීර් සොහෙල් සමග මේ පිළිබද කතා කල අතර රොෂාන් පැවසුවේ ICC ය චන්දිමාල්ට තරග දෙකක් තහනම් කලානම් සියලුම ක්‍රීඩකයන් පිළිබද ගන්න තීරණ පිළිබද සමාන විය යුතු බවයි. එවිට සුනිල් ගවස්කාර් පැවසුවේ පිටියේ බ්‍රෙට් ලි වගේ උස අඩි 6 යි 1 ක් උස අය ඉද්දිත් අඩි 5 යි 6 ක්‍රීඩකයෙක් ඉද්දිත් පිටියේ ආලෝක බුබුළු සියල්ලටම සමාන ලෙස එලිය දෙන බවයි. එයට රොෂාන් අබේසිංහ සහ අමීර් සොහෙල් සනි ගවස්කාර් ඉහලින් අගය කළා.

මේ තීරණය පිළිබද ඉදිරියේදී යම් බලපෑමක් ලෝක මට්ටමෙන් ඇතිවන බවනම් මේ වන විට පැහැදිලි අතර ලංකාවේ ක්‍රිකට් ගුබ්බයමෙන් මෙයට සම්බන්ධයක් ඇතොත් එයද ඉදිරිය හෙළිවනු ඇති.

ෂකිබ් අල් හසන් නායකයා ලෙස විනිසුරුගේ නිපන්දුවක් නොඇල්ලිම සම්බන්දයෙන් ක්‍රීඩකයන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම ක්‍රිකට් ඉතිහාසයේ කනගාටුදායක කාරණයකි. එසේම ඔවුන් ක්‍රීඩාංගනයේ දේපල හානි කර ෂකිබ් ජය සැමරුවේ ක්‍රීඩා පිටිය මැද තම ටි ශර්ටයද ගලවාගෙනයි. වතුර අදින හාදයා අවස්ථා දෙකකදී හැසිරුණ ආකාරය යන කාරනා මත මේ ලබාදුන් දඩුවමට යම් අයකු මැදිහත්වී ඇති බවනම් ස්ථිරයි.

හරියාකාරව දඩුවමක් බංගලි නැහැදිච්ච උන්ට නොදීමට කාරණා ලෙස සමහර වෙබ් අඩවි සදහන් කර තිබුනේ හරියාකාර දඩුවමක් ලබා දුනහොත් කණ්ඩායමේ බොහෝ දෙනාට තරග කිහිපයක් තහනම් වන බවයි. විශේෂයෙන් නායකයාට. එවිට බන්ගලියන්ට අවසන් තරගය අවාසිවන නිසා ඔවුන්ගේ ඉල්ලීමක් මත ලිහිල් දඩුවමක් දී අවසන් තරගයට ඔවුන්ට අවස්තාවක් දීමට අත යට ඩිල් එකක් දමා ඇති බව විශ්වාස කල හැකි බව සමහර වෙබ් අඩවි වාර්තා කර තිබුනා.

About article14

Check Also

මොම්බායි ඉන්දියන් ප්‍රධාන පුහුනුකරු අපේ මහේල කණ්ඩායමේ විනය හදන්න අපූරු දඬුවමක් නිර්මානය කරයි. බලන්න

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!