Breaking News
Home / ක්‍රිඩා / පැරදුනත් අස්වෙන්නේ නැහැ – නායක උපුල් තරංග

පැරදුනත් අස්වෙන්නේ නැහැ – නායක උපුල් තරංග

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරඟ 05ට බිංදුවක් ලෙස පරාජයට පත්වීම සම්බන්ධයෙන් තමන් නායකයෙක් ලෙසත්, ක්‍රීඩකයෙක් ලෙසත් කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගන පැවති අවසන් එක්දින තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියා.
අවස්ථා කිහිපයකදී ලෝක කුසලාන අවසාන මහා තරඟ සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායමක් ලෙස, ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලන තරගාවලියට එක් වීමට සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කිරීමට සිදුව තිබීම කනගාටුවට කරුණක් නොවේද යන්න එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටියා.

ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි නායක උපුල් තරංග කියා සිටියේ. මේ අතර එක්දින තරඟාවලිය පරාජයට පත්වුවත් තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට හේතුවක් නොමැති බව තරංග එහිදී පවසා සිටියා.

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තත්වය පිළිබඳව කනගාටු වන අතර පසුගිය අවුරුදු දෙක තුළ කණ්ඩායම අවශ්‍ය ආකාරයට ක්‍රීඩා නොකළ බවත් කණ්ඩායමේ සිටිනා ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම මේ වන විට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට හැකි බවයි උපුල් තරංග වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

About article14

Check Also

දේශීය තරග රටාවේ දියාරු කම ඔප්පු කරමින් ජාත්‍යන්තර ලිග් වල අත්දැකීම් පෙන්වූ ඉසුරු උදානගේ දැවැන්ත ප්‍රහාරය හා මොලෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයා ලෙස නම් ලැබීම

ඉසුරු උදාන සහ තිසර පෙරේරා හැර ලකුණු අතරට පැමිණීමට අපොහොසත්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීමෙන් තොර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!