Breaking News
Home / දේශීය පුවත් / පාස්කු ප්‍රහාරයේ ස්වාධින ජනපති කොමිසම පත් කිරීමට රනිල් පොරොන්දු වෙයි

පාස්කු ප්‍රහාරයේ ස්වාධින ජනපති කොමිසම පත් කිරීමට රනිල් පොරොන්දු වෙයි

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (06) ගාල්ලේ දී පවසනවා.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාවල ඇතුළත් තොරතුරු මෙන්ම, අනෙකුත් සියලූ තොරතුරු අනාවරණය කරගනිමින් සත්‍යය සොයා ගැනීමට එවැනි ස්වාධීන ජනාධිපති කොමිසමක් මගින් හැකි වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී ඇත.

දැනට පත් කර තිබෙන ජනාධිපති කමිටුවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවන් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බැවින් එම වාර්තාවන් ද පදනම් කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලා මාස 6 – 7 ක් ඇතුළත ජනතාවට සත්‍යය අනාවරණය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට එවැනි කොමිසමක් ඉවහල් වන බව ද පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස අප ගත් ක්‍ෂණික ක්‍රියාමාර්ග නිසා මාස දෙකක් ගත වීමට පෙර ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම සොයා ගෙන ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!