Breaking News
Home / දේශීය පුවත් / පාරේදී පොලිසිය අයුතුලෙස ඔබගේ වාහනය පරික්ෂා කරනවාද? එසේ කරනවානම් වීඩියෝ කර මෙන්න මේ විද්‍යුත් ලිපිනයට යවන්න

පාරේදී පොලිසිය අයුතුලෙස ඔබගේ වාහනය පරික්ෂා කරනවාද? එසේ කරනවානම් වීඩියෝ කර මෙන්න මේ විද්‍යුත් ලිපිනයට යවන්න

මොරටුව පොලිසිය විසින් ඊයේ (10) රාත‍්‍රියේ සිදු කෙරුණු හදිසි රථ වාහන පරීක්ෂාවකදී තමන් පීඩාවට පත්වූ බවට රියදුරන් කිහිප දෙනෙකු චෝදනා කළා.

ඔවුන් පැවසුවේ තමන් බීමත්ව සිටින බව පවසමින් පරීක්ෂාවන්ට ඉදිරිපත් වන්නැයි නිලධාරීන් අයථා ලෙස බලපෑම් කළ බවයි.

රථ වාහන පරීක්ෂාවන්ට එරෙහි නොවන නමුත් එවැනි පරීක්ෂාවන්වලදී නිලධාරීන් මීට වඩා විමසිලිමත්ව සහ වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි පීඩාවට පත්වූ මෙම රියදුරන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හදිසි රථ වාහන පරීක්ෂා කිරීම්වලදී පොලිස් නිලධාරීන් අයථා ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ දී ද ශ‍්‍රාවක පැමිණිලි ඉදිරිපත් වුණා.

නිලධාරීන් ඇතැම් විට අල්ලස් ද ඉල්ලා සිටින බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඊට ප‍්‍රතිචාර දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ “ඔබගේ වාහනය නවත්වන විට ඔබ සමග පිටිපස අසුන්වල තවත් අය ඉන්න පුළුවන්.

ඒ අයට හරි කියන්න දැන් වාහනය පොලිසියෙන් නවත්වනවා..එයා මොනවද කරන්නේ කියලා වීඩියෝ කරන්න කියලා. ඔබ විතරක් ඉන්නවා නම්..පොඩි හෝ බයක් තියෙනවා නම් ෆෝන් එකේ වොයිස් රෙකෝඩරය හරි ඔන් කරලා තියන්න පුළුවන්නේ.

එහෙම කරලා මගේ dig.traffic@police.lk කියන විද්‍යුත් තැපෑලට එවන්න. පැමිණිල්ලත් ඇති..ඒකත් හරි. නමුත් දැන් මේ තාක්ෂණය තියෙනවා නේ. ඒකෙනුත් ප්‍රයෝජන ගන්න.” යනුවෙනි.

තමන් වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළා.

එම වීඩියෝව සමාජ මාධ්‍යට දැමීමටද ඔබ අමතක කරන්න එපා..

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!