Breaking News
Home / දේශීය පුවත් / පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන්ව සිරිසේනට හමුවෙන්න ඕන කියයි – කමිටුව බැ කියයි

පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන්ව සිරිසේනට හමුවෙන්න ඕන කියයි – කමිටුව බැ කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටු සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට ඉදිරි කටයුතු පිළිබඳ තීරණයත් ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එම කමිටුවේ බහුතරයකගේ විරෝධය පළ වී තිබේ.

ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෙකු හරහාම ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (11) 2.00 ට රැස්වූ කමිටු සාමාජිකයන් සාකච්ඡා කර ඇති අතර බහුතරයකගේ මතය වී ඇත්තේ එසේ හමුවීම සුදුසු නොවන බවය.

කමටුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් නැති බව සිය පෞද්ගලික මතය බව කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා වෛද්‍ය නලීන්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රකාශ කළහ.

එසේ හමුවීමට අවශ්‍ය නම් කමිටුව පළමුවරට රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් කැදවා සාකච්ඡා කළ හැකිව තිබූ බව කී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන මේ මොහොතේ මෙලෙස හමුවීම සදාචාර සම්පන්න නොවන බවද ඔහු කීවේය.

කතානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කමිටුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශව සමඟකටයුතු කිරීම ප්‍රායෝගික නොවන බවද ප්‍රකාශ කළේය.

About article14

Check Also

එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ2013-07-30 දිනැති අංක 1818-30 දරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!