Breaking News
Home / දේශීය පුවත් / පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලසන චණ්ඩින්ට අගමැති රනිල් වැට බඳියි. මන්ත්‍රීවරුන්ගේ අචාරධර්ම පද්ධතිය හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලසන චණ්ඩින්ට අගමැති රනිල් වැට බඳියි. මන්ත්‍රීවරුන්ගේ අචාරධර්ම පද්ධතිය හෙට පාර්ලිමේන්තුවට

Image result for sri lanka parliament fight

කලක් තිස්සේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ගරුත්වයට හානිවෙමින් දිගින් දිගටම සිදුවන නොමනා ක්‍රියාකාරකම් නිසාවෙන් දේශපාලකයාගේ ගරුත්වය රැකගැනීමේ අවසාන විසදුම ලෙස යහපාලන රජයේ පොරොන්දුවක් ලෙස කතානායක කරු ජයසුරියගේ මුලිකත්වයෙන් අගමැති රනිල්ගේ අදහසක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්දතිය ඇතුලත් පනත හෙට (23) පාර්ලිමේන්තුවට දෙවන වර ඉදිරිපත්කර සම්මතකර ගැනීමට නියමිතයි.

පසුගිය ආණ්ඩු ගණනාවකින්ම මෙවන් පනතක් ගෙන ඒමට ඇති අවශ්‍යතාවය පෙන්නුම් කලත් එවකට කිසිදු නායකයකු මෙවන් පනතක් ගෙන ඒමට මුලිකත්වය නොගත්තේ තමන්ගේ ගෝලබාලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විය හැකි. එහෙත් වර්තමාන අගමැතිවරයා විපක්ෂ නායක වී සිටි අවස්ථාවේදී පවා මෙවන් යෝජානාවක් ගෙන ආ අතර එය සම්මත කිරීමට තරම් එවකට පාර්ලිමේන්තුවට අවශ්‍යතාවයක් තිබුනේ නැ.

මෙම ආචාරධර්ම පද්ධතිය අනුව කල හා නොකලයුතු දේ පිළිබද මග පෙන්වීමක් කරන අතර එසේ අචාරධර්ම කඩකරන මන්ත්‍රීවරුන්ට නිසි ක්‍රියාමාර්ග ගතයුතු අකාරය මෙහි සදහන් වනවා. රටේ සියලුම කොටස්වලට හැසිරිය යුතු ආකාරය හා ආචාරධර්ම මගපෙන්වීමක් ඇතත් රටේ නීති සම්පාධනය කරන ව්‍යවස්ථාදායකයට මෙවන් මාර්ගෝපදේශයක් නොමැතිවීම පිළිබද අගමැතිවරයා කරුණු පැහැදිලි කලේ පළමුවර මෙය පාර්ලිමේන්තවට ඉදිරිපත් කල අවස්ථාවේදීය. මෙම කාර්යේදී අගමැතිවරයා හා කතානායකවරයා මුලිකත්වයගෙන ක්‍රියා කර ඇත.

මෙය අයාලේ යන ලංකාවේ දේශපාලනය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් ලෙස පාට පක්ෂ බේද නොසලකා අගය කල යුතුය.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!