Breaking News
Home / දේශීය පුවත් / පාන් පිටි මිල වැඩි කිරීම යට මංගලගේ කුමන්ත්‍රණයක් දැයි සැකයක්

පාන් පිටි මිල වැඩි කිරීම යට මංගලගේ කුමන්ත්‍රණයක් දැයි සැකයක්

තිරිගු පිටි මිල එකවර රුපියල් 8 කින් වැඩිවීම සිදුවූවේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (18) නියෝග කර ඇත. රු 10 වැනි විශාල මුදලකින් පාන් පිටි මිල වැඩි කර නැවත එක දිනයකින් එය අහෝසි කෙරුණි.

මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඇති රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙවැනි ඉහළ මිල වැඩිකිරීමකට වගකිව යුතුදැයි සොයා බලන ලෙස ද අගමැතිවරයා උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් අනුව කාලයක් තිස්සේ තිරිගු පිටි සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරයද සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නියමිතය.

ලෝක වෙළෙද පොළේ තිරිගු පිටි මිළ ඉහළයාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් මත සුළු මිලකින් පිටි මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට ඉඩ දුන්නේ නම් මෙවැනි වැඩි මිලකින් පිටි මිළ ඉහළ දැමීමට සිදු නොවනු ඇතැයි ද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

මුදල් ඇමති මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වෙන ජිවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම ගැන තීරණය ගනු ලබන අතර තිරිගු පිටි මිල ඉහළ දැමීම ගැන රජයේ ජිවන වියදම් කමිටුව ප්‍රතිචාර දැක්වූවේ කෙසේදැයි වාර්තා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වන සදහන්ය.

මේ වන විට එජාපය තුල මංගල සමරවීර සජිත් හා ජනාධිපති සමග වෙනම ගමනක් යන බවත් එයට සජිත් පිල නියෝජනය කර ජනාධිපතිට සහය දැක්වූ මෛත්‍රී ගුණරත්න ශිරාල් යන උපදේශකයන් හා මව්බිම ටිරාන් මහාරාජා වැනි කණ්ඩායමක් වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බව සදහන්. ඒ අනුව එජාපයේ අනෙක් කණ්ඩායම් නොදැනීම යම් තීරණ ගන්නා අතර ඔවුන්ගේ බලපොරයට මහජනතාවට වන්දි ගෙවීමට සිදුවී ඇති බව පිළිකුලෙන් කිව යුතුයි.

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!