Breaking News
Home / ක්‍රිඩා / ප්‍රේමදාස ක්‍රීඩාංගනය අධි ආරක්ෂක කලාපයක් කරලා – මැච් බලන්න වෙන්නේ මෙහෙමයි

ප්‍රේමදාස ක්‍රීඩාංගනය අධි ආරක්ෂක කලාපයක් කරලා – මැච් බලන්න වෙන්නේ මෙහෙමයි

ඉන්දීයා – ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.

එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති. එමෙන්ම තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග සඳහා ආරක්ෂාව දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. එ් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන්.

කොළඹ ආර්. පේ‍්‍රමාදස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1000 යොදවන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් 100 ද ආරක්ෂාවට යොදවනු ලබයි.

එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක වන අතර, යම් උණුසුම්කාරී තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය හෙට සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වෙනවා.

About article14

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!