Breaking News
Home / ක්‍රිඩා / ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විකිණෙන කළුකඩ ටිකට්. එකක් 6000යි.

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විකිණෙන කළුකඩ ටිකට්. එකක් 6000යි.

ඉන්දීයාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරග දෙකේ සහ පන්දුවාර 20 තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඇතැම් පිරිස් වැඩි මිළට අළෙවි කරමින් සිටින බව නෙත් ස්පෝර්ට්ස්ට්මන් වෙත වාර්තා වනවා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අසල සිටින ඇතැම් පුද්ගලයින් මේවා වැඩි මිළට අළෙවි කරන බවයි නෙත් ස්පෝට්ස්මන් අද උදෑසන එහි කළ නිරීක්ෂණයකදී අනාවරණ වූයේ.

මේ වනවිට අද පැවැත්වෙන එක්දින තරගයේ සහ ඉරිදා පැවැත්වෙන පස්වන එක්දින ක‍්‍රිකට් තරගය සඳහා නිකුත් කළ ප‍්‍රවේශ පත‍්‍රවලින් වැඩි ප‍්‍රමාණයක් අළෙවි වී අවසන් බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. ලබන 06 වැනි දා පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ සියලූම ප‍්‍රවේශ පත‍්‍ර ද මේ වනවිට අළෙවි වී අවසන් බව ක‍්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය අසල සිටින ඇතැම් පිරිස් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඉතා අධික මිළ ගණන්වලට අළෙවි කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා.

Source : Neth News

About article14

Check Also

දිමුත්ගේ නායකත්වයෙන් පළමු තරගය ශ්‍රී ලංකාව හොද ආරම්භයක ලසිත් ඇඹුල්දෙනිය ඕෂද ප්‍රනාන්දුට ටෙස්ට් වරම්. තේ පානයට කඩුලු 7 ක් දැවී අවසන්

දිමුත් කරුණාරත්නගේ පළමු නායකත්ව ටෙස්ට් තරගය අද දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ අතර කාසිය වාසිය දිනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!