Breaking News
Home / ක්‍රිඩා / ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපි ගණන් ගන්නේ නැ. ඒත් සහය ලැබුණානම් හොදයි. නැත්තම් මොනා කරන්නද – ලංකාවෙන් හූ සංග්‍රහය ලැබූ ෂකිබ් කියයි

ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපි ගණන් ගන්නේ නැ. ඒත් සහය ලැබුණානම් හොදයි. නැත්තම් මොනා කරන්නද – ලංකාවෙන් හූ සංග්‍රහය ලැබූ ෂකිබ් කියයි

නිදහස් කුසලාන අවසාන තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පීඩනයකින් තොරව තරඟය නැරඹීමට හැකි වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයට ක්‍රීඩා නොකිරීම නිසාය.නමුත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් බහුතරයකගේ සහය ඉන්දීය කණ්ඩායමට ලැබුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ආකාරයෙන්මය.

මේ ආකාරයේ ප්‍රේක්ෂක පිරිසක් හමුවේ ක්‍රීඩා කිරීම බංගලියන්ට දැඩි පීඩනයක් වන්නට ඇති අතර බොහෝ අවස්ථාවල බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා පිටියේ අසාර්තකත්වයන්ට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුනේ හු සංග්‍රහයකි.කෙසේ වෙතත් මේ අකාරයේ ප්‍රතිචාර ලබන්නට බංගලාදේශ කණ්ඩායමේ පෙර වැරදි බලපෑ අතර මේ ලැබුන පිළිගැනීම ගැන බංගලාදේශ නායකයා විදෙස් මාද්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

“අපි කොහොමත් අපේ රටෙන් පිට ප්‍රේක්ෂකයන්ගෙන් අපිට සහය ලැබෙයි කියල හිතන්නේ නෑ.ඒ නිසා අපිට එරෙහිව ප්‍රේක්ෂකයෝ දක්වන ප්‍රතිචාර ගැන අපි ඒ තරම් හිතන්නේ නෑ.”

තරඟයේ ප්‍රේක්ෂකයන්ගෙන් තම කණ්ඩායමට ලැබෙන සහය කණ්ඩායමට වැදගත් වුවත් සියල්ලට මුහුණ දිය යුතු බවද ෂකීබ් පවසා ඇත.”ඇත්තටම සහය ලැබුණානම් සතුටුයි ,නෑ කියල මොනවා කරන්නද අපි හිතන්න ඕන ඒ දේවල් ගැන නෙවෙයි අපි කණ්ඩායමක් විදියට හොඳ ක්‍රිකට් සෙල්ලම් කරලා ජයග්‍රහණය ලබා ගන්න එක ගැන.”

ෂකීබ් කියන කතාව ඔහුම නැවත සිතා බලනවානම් වඩාත් වැදගත් වන්නේ මේ තරඟාවලියේ බංගලාදේශය හොඳ ක්‍රිකට් ක්‍රීඩා කලාද යන ප්‍රශ්නය සියලු දෙනාටම ඇති නිසාය,එමෙන්ම බංගලාදේශයට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් පමණක් නොව එරට ප්‍රේක්ෂකයන්ද තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්වන ආදරය දැකගත හැකි වුනේ තරඟය පරාජය වීම සමඟ තමන් ක්‍රිකට් තරඟය නැරඹු රූපවාහිනිය බිම දමා පොල්ලකින් පහර දෙන දර්ශනද දැකගත හැකි වූ නිසාවෙනි.

About lanka

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!