Breaking News
Home / දේශීය පුවත් / ප්‍රාදේශිය සභා බලය අල්ලා ජනාධිපතිවරනයේදි නොතිබු ප්‍රචන්ඩ ක්‍රියා. පොහොට්ටුවෙන් අකිලගේ අපේක්ෂකයන්ට ප්‍රහාර

ප්‍රාදේශිය සභා බලය අල්ලා ජනාධිපතිවරනයේදි නොතිබු ප්‍රචන්ඩ ක්‍රියා. පොහොට්ටුවෙන් අකිලගේ අපේක්ෂකයන්ට ප්‍රහාර

මැතිවරණය නිමා වීමත් සමග පොහොට්ටුවේ පිරිස සිය ප්‍රචණ්ඩ දේශපාලනය යළිත් ආරම්භ කර තිබෙනු දක්නට ලැබෙනවා.

ඔවුන් සිය අමන දේශපාලන පිළිවෙත ඊයේ (11) අලුයම කාලයේදීම ආරම්භ කරනු ලැබුවේ කුලියාපිටියෙනි.

එක්සත් ජාතික පක්ෂය ජය ගත් කුලියාපිටිය නගර සභා සිමාවේ පිහිටි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුට අයත් නිවසකට පහරදීමට පැමිණ ඇති පිරිසක් පිලිබදව වාර්තා වන අතර එම පිරිස ගම්වාසීන් විසින් පොලිසියට බාර දෙනු ලැබුවා.

පසුව පොලිස් බාරයේ සිටි එම සැකකරුවන් බේරා ගැනීමට කඩු කිනිසි රැගෙන පුද්ගලයන් කණ්ඩායමක් පැමිණි අතර ඉන් පිරිසක්ක ද පොලිස් බාරයට ගනු ලැබුවා.

පසුව එම පුද්ගලයන් පොදු ජන පෙරමුණේ පිරිසක් නිසා ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක සමන් ප්‍රිය හේරත් කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් තර්ජනය කර තිබෙනවා.

About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!