Breaking News
Home / දේශීය පුවත් / ප්‍රාදේශිය සභාවක් දිනූ පලියට අගමැතිකමක් භාර නොගන්නා බව හිටපු ජනපති කියයි. මැතිවරණයක් ඉල්ලයි

ප්‍රාදේශිය සභාවක් දිනූ පලියට අගමැතිකමක් භාර නොගන්නා බව හිටපු ජනපති කියයි. මැතිවරණයක් ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!