Breaking News
Home / ක්‍රිඩා / ‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් තමන් වැලකි සිටින බවයි.

කෙසේනමුත් ජයසුරිය මහතා ඉදිරියේදී මේ පිළිබඳව නිල ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවනු ඇති ආරංචි මාර්ග විශ්වාසය පල කරයි.

තමාට විරුද්ධව ඇති චෝදනා කිසිසේත්ම තරග පාවා දීම හා සම්බන්ධ නොවන බවට ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Image result for sanath jayasuriya

කෙසේ නමුත් මේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම නීතිමය උපදෙස් මත නොකළ යුතු බව ජයසුරිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

මේ වන විට ඔහුට ලබා දී දින 14ක කාලය ඇතුලත ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන බවද ඔහු කියා සිටියහ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් චෝදනා දෙක්ක එල්ල කර තිබේ.

Image result for icc headquarters

ඒ අනුව එහි 2.4.6 වගන්තිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය පවත්වන විමර්ශන සඳහා සහාය නොදැක්වීම, 2.4.7 වගන්තිය යටතේ එම පරීක්ෂණ සඳහා බාධා කිරිම යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ. එසේම විමර්ශන සඳහා අවශ්‍ය ලියකියවිලි ලබානොදීම මෙන්ම එම ලියකියවිලි විනාශ කිරිම කළ බවටත් සනත්ට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව (15) ආරම්භ වන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!