Breaking News
Home / ක්‍රිඩා / ප්‍රශ්න ඇතිකරගෙන අසමගියෙන් කණ්ඩායමේ ඉන්න හිතන්න එපා 19 පහල ශ්‍රී ලංකා ඒ දාලා ලෝක කුසලානය ගහනවා – ඇමති හරින් කණ්ඩායමට කියයි

ප්‍රශ්න ඇතිකරගෙන අසමගියෙන් කණ්ඩායමේ ඉන්න හිතන්න එපා 19 පහල ශ්‍රී ලංකා ඒ දාලා ලෝක කුසලානය ගහනවා – ඇමති හරින් කණ්ඩායමට කියයි

ප්‍රශ්න ඇතිකරගෙන අසමගියෙන් කණ්ඩායමේ ඉන්න හිතන්න එපා යයි ඇමති හරින් කණ්ඩායමට පැවසු බව අද (2) ඕස්ට්‍රේලියානු ABC මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියා. 19 පහල ශ්‍රී ලංකා ඒ සහ සංවර්ධන සංචිත ඉතා හොදින් දස්කම් අතර සිටින බවත් තවදුරටත් අසමගියෙන් කණ්ඩායමේ කටයුතු කරනවානම් ස්ථාන අහිමි විය හැකි බවද කණ්ඩායමට දන්වා තිබෙනවා.

එසේම අලුතින්ම කණ්ඩායමක් ලෝක කුසලානය වෙත යැවීමට තමන් පසුබට නොවන බවද තවදුරටත් පවසා තිබෙනවා. තිසර මේ දිනවල බංගලාදේශයේ සිටින අතර එළබෙන 9 වෙනිදා පැමිණ තමන් හමුවන ලෙසත් මැතිව්ස් සහ මාලිත් එහිදී මුනට මුණ සාකච්චාවක් කිරීමට සුදානම් බවත් ඇමති වරයා ඔස්ට්‍ර්ලියා මාධ්‍යට පවසා සිටියා.

ශ්‍රී ලාංකිකයන් යම් යම් අවස්තාවලදී විවිධ මත දැරුවත් රට වෙනුවෙන් ඕනෑම මොහොතක එකතුවී සමගියෙන් කටයුතු කරන බවත් ඇමතිවරයා පවසනවා.එනිසා මොවුන් ඉතා එක්මනින් මෙය විසදාගත යුතු බව පවසනවා. එසේම එළබෙන මාස කිහිපය තුල කණ්ඩායමට සමාජ මාධ්‍ය තහනම් කර ක්‍රිකට් ගැන විතරක් මනස යොමු කිරීමට අවස්තාව සැලසීමත් පිළිබද සාකච්චා කර ඇති බව සදහන්.

එසේම කණ්ඩායම සමග කතා කල විට ඔවුන් ඉතා පිඩනයකින් සිටින බවත් ඔවුන්ගේ ඉරියව් වලින් කිසිස්ම විශ්වාසයක් පෙන්නුම් නොකරන බවත් දස්කම් වල අඩුවක් නත්තත් ඉතා කලකිරුණු හා අර්බුධකාරී ස්වාබාවයකින් කණ්ඩායම සිටින බවයි ක්‍රීඩා ඇමතිවරයා ඕස්ට්‍රේලියා මාධ්‍යට පවසා සිටියේ. මහේල සංගා සිදත් මහානාම වැනි පුද්ගලයන් සමග ඉදිරිය පිළිබද සාකච්චා කර ඇති බවත් ලංකාවේ ක්‍රිකට් පාවාදීම් පිළිබද කම්පනයකින් සිටින බවත් වැඩි දුරටත් හරින් ප්‍රනාන්දු විදෙස් මාධ්‍යට පවසා සිටියා.

About article14

Check Also

වර්තමාන ලෝක ශුර ඕස්ට්‍ර්ලියාවේ 2019 ලෝක කුසලාන සංචිතය නම් කරයි

අප්‍රේල් 23 ට පෙර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් තම සංචිත නම් කල යුතු අතර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!