Breaking News
Home / දේශීය පුවත් / ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට එම වාර්තාව සමාලෝදනය කිරිමට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව තීරණය කර ඇත.

සිමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරිමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත් කරන ලදි.

පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කතානායකවරයා විසින් පත්කරන ලද එම පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන කමිටුව පසුගියදා 07 දා රැස්වූ අතර එහි මීළඟ රැස්වීම ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 03 හි දී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සියම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වෙනිදා අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහිදී කමිටුවේ නිර්දේශ කඩිනමින් ලබාදී කමිටු වාර්තාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරි ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සහ යෝජනා ලබාගැනීමට ද මෙහිදී තීරණය වි තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ඒ. එස්. එම් නවුෆර්, ආර්. එම්. එල්. රත්නායක සහ පෙරියසාමි මුතුලිංගම් යන මහත්වරු කටයුතු කරති.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!