Breaking News
Home / දේශීය පුවත් / ප්‍රභාලයාගේ අම්මගෙන් ආණ්ඩුවේ ඉහලම තැනට ඇමතුමක්, සංස්කෘතික අරමුදලේ වංචාවට එරෙහිව සංඝරත්නය හා සිවිල් සමාජ පිරිස් විරෝධයක.

ප්‍රභාලයාගේ අම්මගෙන් ආණ්ඩුවේ ඉහලම තැනට ඇමතුමක්, සංස්කෘතික අරමුදලේ වංචාවට එරෙහිව සංඝරත්නය හා සිවිල් සමාජ පිරිස් විරෝධයක.

දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මෙම සිද්දියට අදාල ප්‍රභාලයාගේ මව විසින් ආණ්ඩුවේ ඉහලම තැනට ඇමතුමක් ලබා දී තිබෙනවා. මේ මව අතීතයේ සිටම දරුවාගේ දේශපාලන ගමනට උපදෙස් දුන් අතර අවශ්‍ය අවස්ථාවන්හිදී විරුද්ධ පාර්ශව බැලන්ස් කිරීමටද ඉදිරිපත්වන්නේ ඒ චරිතයයි.

වරක් එම මවගේ දියණියක විසින් නීතිවිරෝධී මුදල් අච්චු ගැසීමේ සිද්දියක්ද ගොඩින් බේරාගැනීමට සහෝදරයාද සමගව කටයුතු කර ඇත. පසුබිම එසේ තිබියදී මේ අවස්ථාවේදී තම පුත්‍රයාට කරදරයක් නොකරන ලෙස ඉල්ලා ඇති අතර මෙවන් දේශපාලන කටයුතු වල නිරත වන්නේ වටේ සිටින කිහිප දෙනකුගේ උවමනාවකට බව ඇය විසින් සුපුරුදු හිතවතාට පවසා සහනයක් කරන මෙන් ඉල්ලා සිට ඇත.

දේශපලානයේ දශක ගණනක් කරක් ගසා ඇති එම ආණ්ඩු ප්‍රභලයා යෝජනා කිහිපයක් කර ඇති අතර එම යෝජනා පිලිබදව තවමත් ආරංචි වන්නේ නැති අතර මේ වන විට ආණ්ඩු පාර්ශ්වයේ කිසිවකු එම කතාව කතා කරන ආකාරයක් නොපෙනෙන බව ඔබට වටහා ගැනීමට එතරම් වෙලාවක් නොයනු ඇත. ලංකාවේ දේශපාලකයන් සියල්ල විදුරු ගෙවල් වල සිට ගල් ගසන උන් වන අතර තමාගේ ඇහෙ ඇති පොල් පරාල නොදැක්කත් අනුන්ගේ ඇති පොල් කෙන්දත් කන්දක් මෙන් දකින්න තරම් අමන දේශපාලනයක් රටේ විනය හැදියාව වැදගත් කම මෙන්ම රටේ ධනයට කාබාසිනියා කර ඇත.

එහෙත් ඒ පසුපස යන දේශපාලන වහලුන් තමාගේ එකාගේ වැරදි හා වංචා මඩ කියමින් හිත සනසා ගැනීමට තරම් නිවටයින් වී සිටීම මේ රටට මෙසේ වීමට හේතුව වී ඇත.

එසේම ජනාධිපතිවරණය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කරගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධාගමික ස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනුවෙන් ලැබුණු මෙම මුදල් වියදම් කළ යුත්තේ එම පූජනීය ස්ථානවල දියුණුවටම මිස මැතිවරණ ජයග්‍රහණයක් සඳහා හෝ පෞද්ගලික පරිහරණයකට නොවන හෙයින් මේ මුදල් සොරා ගැනීමේ නිර්ලජ්ජිත කාර්යයෙහි නිරත වූ පුද්ගලයා කවරෙක්දැයි වහාම සිංහල බෞද්ධයන් දැන ගත යුතුව ඇතැයි සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියෝ පැවසූහ .

සංස්කෘතික අරමුදල සතු රුපියල් කෝටි 1100ක් වංචා කිරීම යනු බැඳුම්කර වංචාව හා සමාන පාඩුවක් රජයට සිදු කිරීම බවකී ඤාණාලෝක හිමියෝ බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 12 ක් මහ බැංකුවේ රඳවාගෙන සිටින අතර සංස්කෘතික අරමුදලට සිදුවූ පාඩුව පියවා ගන්නේ කොහෙන්දැයි වහා සොයා බලා වැරදිකරුවන් සිර අඩස්සියට ගත ගත යුතුව ඇතැයි ද සඳහන් කළහ .

සංස්කෘතික අරමුදලෙන් මුදල් සොරා ගැනීම බුද්ධ පූජාව සොරා කෑම වැනි ක්‍රියාවක් බව පැවසූ ඤාණාලෝක හිමියෝ සිංහල බෞද්ධ නායකයන් යැයි සමාජයට ඒත්තු ගන්වන පුද්ගලයන්ගේ සැබෑ නිරුවත මෙම වංචාවේ අගමුල සමඟ රටට හෙළිදරව් වනු ඇතැයි ද පැවසූහ .

මූල්‍ය ආයතන වලින් මුදල් වංචා කිරීම් ගැන ඉතිහාසයේ කොතෙක් අසන්නට ලැබුනද සිංහල බෞද්ධ පදනමක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක පිං කැටයක් කැඩීම වැනි සිද්ධියක් හැරුණු කළ පූජනීය අරමුදලකින් මෙවැනි දැවැන්ත වංචාවක් කිරීමේ සිද්ධියක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙය බවද ඤාණාලෝක හිමියෝ සඳහන් කළහ.

About article14

Check Also

සජබේ යනු එජාපෙ කොටසක් නොවන බව තින්දුයි ප්‍රාදේශීය මන්ත්‍රීලා දොට්ට

සමගි ජන බලවේගය පිහිටු වීම සම්බන්ධව එහි මහ ලේකම් ප්‍රමුඛ නායකයින් උසාවියට කරුණු වසන් කරමින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!