Breaking News
Home / දේශීය පුවත් / ප්‍රභල ජේෂ්ඨ ඇමතිවරු දෙදෙනෙකුට ඇමති දුර අහිමිවී තරුණයින්ට කැබිනට් ඇමති දුර. ක්‍රීඩා ඇමැතිකමත් බදුල්ලට යන ලකුණු

ප්‍රභල ජේෂ්ඨ ඇමතිවරු දෙදෙනෙකුට ඇමති දුර අහිමිවී තරුණයින්ට කැබිනට් ඇමති දුර. ක්‍රීඩා ඇමැතිකමත් බදුල්ලට යන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු මෙවර කැබිනට් සංශෝධනයේදී විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම ඇමැතිවරුන් දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් දෙදෙනකුට පැවරෙන බව ද එම තිදෙනාගෙන් එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

බොහෝ දුරට අද (22) සිදු වන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම නව වෙනස සිදු වන බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග පැවසී ය.

මේ අතර ප්‍රධාන පක්‌ෂයක ඉහළ තනතුරක්‌ දරන ඇමැතිවරයකුගේ අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට යෝජනා වී ඇතත් එම ඇමැතිවරයා සිය අමාත්‍යාංශය අත්හැරීමට අකමැති වීම නිසා මහින්ද අමරවීර මහතා ධීවර ඇමැති ධුරයේම තවදුරටත් කටයුතු කරනු ඇත.
මහින්ද අමරවීර ඇමැතිවරයා ලබන සතියේදී රුසියාවේ පැවැත්වීමට නියමිත ධීවර සමුළුවකට ද සහභාගි වීමට නියමිතය.

මෙවර කැබිනට්‌ සංශෝධනයේ දී සුළු වෙනස්‌කම් කිහිපයක්‌ පමණක්‌ කිරීමට මුලදී යෝජනා වී තිබුණ ද බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ඒ අනුව කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති අතර මේ නිසා කැබිනට්‌ සංශෝධනය දැඩි දුෂ්කර වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම ක්‍රීඩා ඇමතිදුරය බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ කැබිනට් ඇමතිවරයෙක්ට හිමිවීමටත් විදුලිබල ඇමතිදුරයත් බදුල්ල දිස්ත්‍රික්කයටම ලැබීමට නියමිත බව තහවුරු නොකළ වාර්තා සදහන් කරනවා. එසේම ඊයේ((21) දිනයේ ජනාධිපති ලේකම් ඇතුළු පිරිසක් කැබිනට් සංශෝධනය සකස් කරණ බව තහවුරු කල වාර්තා සදහන් කරනවා.

තව දුරටත් වාර්තා වෙන්නේ වර්තමාන විදුලිබල ඇමතිට ඩිජිටල් ඇමති දුරයත් දැනට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට මුදල් රාජ්‍ය අමාත්‍ය දුරයත් පොලිස් ඇමතිදුරය දකුණ පලාතට සම්බන්ධ අයෙක්ට ලැබෙන බවත් තහවුරු නොකළ ආරන්චි මාර්ග සදහන් කරනවා.

අද දිනයේ මෙම සංශෝධන කිරීමට නියමිත බව වාර්තා වුවත් ඒ පිළිබද කිසිදු නිල වාර්තාවක් තවමත් සදහන් වන්නේ නැ. පෙබරවාරි 11 සිට කියන කිසිම දෙයක් විශ්වාස කල නොහැකි තරමට රටේ නායකයාගේ තීරණ වෙනස් වීම රට අරාජික වීමට මහත් බලපෑමක් වී අවසන්. මේ වන විට ඩොලරයේ අගයද 156 පසු කර අවසන්.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!