Breaking News
Home / දේශීය පුවත් / ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයට සංචිතය නම් කරයි

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයට සංචිතය නම් කරයි

නවසිලන්ත ඕස්ට්‍රේලියා කණ්ඩායම් වලින් පසු අද(15) දිනයේ නම් කල දෙවන ලෝක කුසලාන සංචිතය ලෙස ලොව කාගේත් අවදානය යොමුවන ප්‍රභල ඉන්දීය කණ්ඩායමේ සංචිතය නම් කර තිබෙනවා. අද ඕස්ට්‍රේරිලියා කණ්ඩායමද නම් කළා. ප්‍රභල ඉන්දීය කණ්ඩායමට හිටපු නායක දෝනි නම් කර ඇති අතර මෙය බොහෝ විට ඔහුගේ අවසන් ලෝක කුසලානය වනු ඇති.

දෝනි නිසා 2006 දී කණ්ඩායමට පැමිණීමට සිටි දිනේෂ් කාර්තික් 2019 දීද ලෝක කුසලාන කණ්ඩායමට තම තරග කරුවා සමගම සුදුසු කම් ලැබීම දෛවෝපගත සිදුවීමක්. 2004 දී දිනේෂ් කාර්තික් දෝනිට පෙර එක්දින වරම් ලබා කණ්ඩායමට පැමිණි නමුත් දෝනි ඉන් මාස දෙකකට පසු එක්දින වරම් ලබා ලකුණු ලබා ගැනීම නිසා කාර්තික්ට දෛවෝපගත ලෙස ස්ථානය අහිමි වුනා.

ඒ තරගකරුවා ඉන්දියාවේ කැපී පෙනෙනම නායකයෙක් බවට පසුව පත්වීමද දෛවෝපගතයි. එහෙත් කාර්තික් ජාතික කණ්ඩායමට වරින් වර පැමිණෙමින් තමන්ගේ ක්‍රිකට් සටන අත් නොහැරී අතර 2019 ලෝක කුසලානයට දෙදෙනාම එක කණ්ඩායමට නම් වීම කාර්තික්ගේ දැඩි ධෛරිය පෙන්නුම් කරන්නක්. කාර්තික් මේ වන විට 33 වන වියේ පසුවන අතර දෝනි 37 වන වියේ පසුවනවා.

කාර්තික් 2004 සිට වසර 15 ක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 91 ක් පමණක් වන විට අර්ධ ශතක 9 පමණක් ලබා ගෙන තිබෙනවා. එහෙත් දෝනි තරග 341 ක්‍රීඩා කර ශතක 10 සහ අර්ධ ශතක 70 ක් ලබාගෙන තිබෙනවා. තවද 2015 ලෝක කුසලාන සංචිතයේ සිටි ක්‍රීඩකයන් 8 ක් 2019 සංචිතයෙන් ඉවත් වී තිබෙන අතර එම සංචිතයෙන් මෙවර සිටින්නේ 7 පමණයි.

එසේම ඉන්දියාවේ සිටින හොදම ටෙස්ට් දගපන්දු යවන්නා වන අශ්වින්ද මේ කණ්ඩායමෙන් ඉවත් වීම කැපී පෙනෙන සිදුවීමක්. එසේම සුරේෂ් රයිනා රහානේ හා උමේෂ් යාදව් වැනි නම ගිය ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලානයට නම් වී නැ. අශ්වින් හා දඩේජා 2015 වන විට සිටි ප්‍රධාන දග පන්දු යවන්නන් වන අතර 2017 පසු අශ්වින් එකවරම එක්දින කණ්ඩායමෙන් ඉවත් කල අතර කුල්දිප් හා චහල්ට අවස්තාව ලැබුනා.

දඩේජාත් ඉවත් කල අතර එහෙත් නැවත ඔහු කණ්ඩායමට පැමිණීමට අවස්තාව ලබාගෙන තිබෙනවා. ඉන්දීය කණ්ඩායම මෙසේයි. විරාත් කෝලි, රෝහිත් ශර්මා, ශිකර් දවාන්, කේ එල් රාහුල්, කෙඩර් යාදව්, එම් එස් දෝනි, දිනේෂ් කාර්තික්, විජේ ශංකර්, හර්දික් පාන්ඩයා, රවී දඩේජා, කුල්දිප් යාදව්, චහල්, බුවනේශ්වර් කුමාර්, මොහොමඩ් ශාමි, බුම්රා.

2015 කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් 2019 දී ස්ථාන අහිමි වී ඇත්තේ රහානේ, රයිනා, රයිදු, බිනි, පටෙල්, අශ්වින්, මොහිත් ශර්මා, උමේෂ් යාදව් යන ක්‍රීඩකයන්ට යි.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!