Breaking News
Home / දේශීය පුවත් / ප්‍රභල ඉන්දියාව එංගලන්තය හමුවේ අන්ත අසරණ වෙයි එංගලන්ත පළපුරුදු වේගපන්දු යවන්නා ඇන්ඩර්සන් කඩුලු 5

ප්‍රභල ඉන්දියාව එංගලන්තය හමුවේ අන්ත අසරණ වෙයි එංගලන්ත පළපුරුදු වේගපන්දු යවන්නා ඇන්ඩර්සන් කඩුලු 5

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ පළමු දිනය අත්හැර දමන්නට විනිසුරුවන්ට සිදුවුනේ පැවති අධික වර්ෂාව හේතුවෙන්.

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ දී කාසිය වාසිය දිනූ එංගලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දමන්නට ජේම්ස් ඇන්ඩසන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඊයේ දිනයේදී ද අවස්ථා කිහිපයකදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කෙසේ වෙතත් ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය පළමු ඉනිම පන්දුවාර 35යි පන්දු 02ක් තුළ ලකුණු 107කට සීමා කළා.

Image result for india vs england

එහිදී විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරතවූ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන් ඉන්දීය පිතිකරුවන් 05 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යවන්නට සමත් වුනේ පන්දුවාර 13යි පන්දු 02ක් තුළ ලකුණු 20ක් පමණක් ලබාදෙමින්.

Image result for india vs england

ජේම්ස් ඇන්ඩසන් යැවූ පන්දුවාර 13යි පන්දු දෙකෙන් පන්දුවාර පහක්ම නිලකුණු පන්දුවාර වීමද විශේෂත්වයක්. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29ක් රැස් කළ අතර නායක විරාත් කෝලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 23ක්.

Image result for india vs england

සෙසු කිසිඳු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට එංගලන්ත වේගපන්දු බළඇණිය ඉඩ ලබාදුන්නේ නැහැ.

ජේම්ස් ඇන්ඩසන් දවාගත් කඩුලු 05ට අමතරව, ක්‍රිස් වෝක්ස් ඉන්දීය කඩුලු 02ක් බිඳ දැමු අතර ස්ටුවඩ් බ්‍රෝඩ් සහ සෑම් කරන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඉන්දීය පළමු ඉනිම පහතින්..

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!