Breaking News
Home / දේශීය පුවත් / ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට අධිකරනය තුල මරණ තර්ජන කල බොදුබලේ හිමිට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම්

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට අධිකරනය තුල මරණ තර්ජන කල බොදුබලේ හිමිට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කළා.

ඒ, හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින්. ඊට අමතරව ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාල චෝදනාවට වරදකරු බව පසුගිය මැයි මස 24 වනදා තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග එම හිමියන්ට දඩුවම් නියම කිරීම අද (14) දක්වා කල් තබනු ලැබුවා.

About lanka

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!