Breaking News
Home / දේශීය පුවත් / ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමේදි අපද්‍රව්‍ය භුගත ජලයට එකතු කරන කර්මාන්ත ශාලා වලට රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඩුවමක්

ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමේදි අපද්‍රව්‍ය භුගත ජලයට එකතු කරන කර්මාන්ත ශාලා වලට රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඩුවමක්

ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමේදි එහි අපද්‍රව්‍ය භුගත ජලයට එකතු වන ආකාරයට කටයුතු කරන කර්මාන්ත ශාලා සඳහා රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඩුවමක් නියම කිරිමට නීති සම්පාදනය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.

අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න විමසිමට මන්ත්‍රීවරුන්ට ඇති අවස්ථාවේදි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. එහිදි තවදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය එක්රැස් කර ගබඩා කිරීමේ ක්‍රියාවලිය පරිසරය දූෂණය කරනු ලබන කර්මාන්තයක් ලෙස ජාතික පාරිසරික පනත යටතේ හදුන්වා දී නැහැ. ඒ නිසා ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ගබඩා කිරිම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය ලබාගැනීම ද අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් වෙළෙද බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. නමුත් ඝණ අපද්‍රව්‍ය ප්‍රතිචකී්‍රකරණය කරනු ලබන කර්මාන්ත ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම අවශ්‍ය වෙනවා.

බලපත්‍රයක් නොමැතිව ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචකී්‍රකරණය කරනු ලබන කර්මාන්ත පවත්වා ගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීතිමය පියවර ගන්නවා ඇත. මෙම කර්මාන්ත ශාලාවලින් පිටකරනු ලබන අපජලය යම් ප්‍රමාණයක් භඣගත ජලයට මුසු කරන්න යමෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතීමය පියවර ගන්න පුළුවන්.

එහිදි උපරිම වසර 2 ක සිර දඩුවමක් හෝ රුපියල් 10,000 කට නොවැඩි දඩ මුදලක් හෝ මේ දඩුවම් දෙකම එකවර ලබාදිය හැකියි. ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින නීති රීති තවදුරටත් ශක්තිමත් කිරිමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් නිසා ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමු කිරීමට කැමතියි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!