Breaking News
Home / දේශීය පුවත් / පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කතානායක පත්කළ කමිටුවේ සභාපති අගමැති රනිල් පක්ෂ නායකයින් සමග තීන්දුවක් ගන්න යයි

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කතානායක පත්කළ කමිටුවේ සභාපති අගමැති රනිල් පක්ෂ නායකයින් සමග තීන්දුවක් ගන්න යයි

පළාත් සභා මැතිවරණය පැවැත්විමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ
සමාලෝචන කමිටුවේ තිරණය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත
ගැනිමට නියමිතය.

පාර්ලිමේන්තුවේදි පළාත් සභා මැතිවරණ සිමානිර්ණ වාර්තාව පරාජයට පත්විමෙන්
පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කළ සිමානිර්ණ සමාලෝචන කමිටුවේ
සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා සංශෝධන
දෙකක් ගෙනවිත් උපලේඛන අනුමත කරගත යුතුව පවතියි.

මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විමට දැනට නිතියක් නොමැතිය යන්න
කමිටු සාමාජිකයන්ගේ මතය වේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ
නායකයන් වෙත දැනුම් දි තිබේ.

පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තිරණය
පාර්ලිමේන්තුවට දැනුම්දිමට ද නියමිතය.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!