Breaking News
Home / ක්‍රිඩා / පළාත් තරගාවලියේ තුන්වන ස්ථාන තරගයේදී නායක මැතිව්ස්ගෙන් සුපිරි ශතකයක්

පළාත් තරගාවලියේ තුන්වන ස්ථාන තරගයේදී නායක මැතිව්ස්ගෙන් සුපිරි ශතකයක්

අද(10) පලාත් එක්දින තරගාවලියේ තුන්වන ස්ථානය සදහා දඹුල්ල හා නුවර කණ්ඩායම් අතර පැවැත්වුනු තරගයේ පලමුවෙන්ම පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමට නැවතත් අසාර්ථක ආරම්භයක් ලැබුනු අතර තරගාවලිය පුරා අසාර්ථක වූ දනුශ්ක හා දික්වැල්ල ඉතා අඩු ලකුනු වලට දැවී ගියා.

අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඕශද ප්‍රනාන්දුද ලකුනු 6 කට දැවී ගියා. දනුෂක හා දික්වැල්ල තරග 4 දී ලකුණු 20 ක් වත් ලබා ගැනීමට සමත් වුනේ නැති අතර මොවුන්ට ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථාන හිමිවනවාද යන්න අපට තේරෙන ක්‍රිකට් අනුව සැක සහිත වුවත් අපට වඩා ක්‍රිකට් දන්නා උදවියගේ තීරණය බැලීමට මේ සති අන්තය වන තෙක් බලා සිටීමට සිදුවනවා.

කෙසේ වෙතත් අසාර්ථක ආරම්භය නිසා ඉන්පසුව එක්වූ භානුක රාජපක්ශ හා නායක ඇන්ජලෝ මැතිව්ස් ඉතා හොද සම්බන්දතාවයක් ගොඩනගන්නට සමත්වුනා. බානුක වේගයෙන් පන්දුවට පහරදුන් අතර බානුක ශතකය අබියස කසුන් රාජිතට දැවී යන විට ඔහු ලකුණු 95 යි. හයේ පහර දෙකක් හා හතරේ පහර 11 ක් සමගින් වේගවත් ලකුනු 95 ක් රැස්කලේ පන්දු 87 ක් පමනක් වැයකරමිනි. මැතිව්ස් හා භානුක එක්ව හතරවන කඩුල්ලට ලකුනු 150 ක අගනා සම්බන්ධයක් ගොඩනගන්නට සමත්වුනා.

නායක ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුනු 101 ක් රැස්කල අතර ඊට හතරේ පහර 9 ක් හා හයේ පහර 2 ක් ඇතුලත් වුනා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඉතා හොද ලකුණක් වන අතර පළපුරුදු ක්‍රීඩකයා ලකුණු අතර සිටීම කණ්ඩායමට වාසියක්. ඔහු මෙසේ ලෝක කුසලානයේද ක්‍රීඩා කළහොත් හොද ප්‍රතිපලයක් ලබා ගැනීමට හැකිවේවි.

ඉන්පසුව ජීවන් මෙන්ඩිස් හා ඉසුරු උදාන වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් දඹුල්ල ඉනිම ලකුනු 325 කරා ගෙනගිය අතර ජීවන් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 50ක් එයට හයේ පහර 3 හා හතර පහර 2 අයත්. ඉසුරු උදාන පන්දු 14කදී ලකුණු 34ක් හයේ 2 සහ හතර 3 සමගින් ලබාගනිමින් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කණ්ඩායම ලකුණු 325ක සිමාව දක්වා ගෙන ගියා.

විශේෂයෙන් කතා කල යුතු කාරණය වන්නේ ජීවන් මෙන්ඩිස් දැඩි අසාදරනයකට ලක්වූ ක්‍රීඩකයෙක් වන අතර අත්දැකීම් ඇති ජීවන් මේ තරගාවලියේ කඩුලු හා ලකුණු එක ලෙස ලබාගෙන තිබෙනවා. ජීවන් පළමු තරගයේ ලකුණු 36 ට කඩුලු 4 යි පිත්තෙන් ලකුණු 10 යි. දෙවන තරගයේ පිත්තෙන් ලකුණු 23 යි. තුන්වන තරගයේ ජීවන් ඉවත් කර රබුක්වැල්ල යෙදු අතර ඉන් අනතුරුවයි අද තරගයට එක් කලේ. අද පන්දු යවා කඩුලු 2 ලබා ගත්තා. 36 හැවිරිදි ජීවන් මෙන්ඩිස් එක්දින තරගයකට අවසානයේ සහභාග් වී ඇත්තේ 2015 දීයි. පන්දු යැවීමේදී තිසර හා ප්‍රදීප් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නුවරලබා ගත්තේ පන්දුවාර 43 දී ලකුණු 231 යි. සදිර පළමු වතාවට ලකුණු ප්‍රමාණයක් රැස්කළ අතර ඔහු ලකුණු 70 යි. ලකුණු අතර සිටි සංගීත් කුඑ නැවත ලකුණු 57 ලබාගත්තා. පන්දු යැවීමේදී ජීවන් විශ්ව දනුෂ්ක ඉසුරු කඩුලු 2 බැගින් ලබාගත්තා. අවසාන මහා තරගය 11 වනදා චන්දිමාල්ගේ කොලබ හා මාලිංගගේ ගාල්ල අතර පැවැත්වෙනවා.

අවසන් තරගයට පෙර ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ගෙන් ලෝක කුසලානයට සලකාවි යන අදහස ඇති ක්‍රීඩකයන් පිළිබද විග්‍රහයක් කලහොත් දනුෂ්ක හා දික්වැල්ල අවසන් ජාත්‍යන්තර වගේම පළාත් තරගාවලිය සාර්ථක වී නැ. මාලිංග මැතිව්ස් ඉසුරු ධනංජය වැනි ක්‍රීඩකයන් ලෝක කුසලාන ස්ථාන වෙන්කරගනී යන්න දැකිය හැකි.

කුසල් මෙන්ඩිස් එක තරගයක පමණක් ලකුණු ලබා ගත් අතර ඉතිරි තරග සියල්ලම අසාර්ත වුනා. මේ ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඒකාකාරී බව නොවීමේ ලක්ෂණයයි. චන්දිමාල් යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අතර දිමුත් වේගයෙන් ලකුණු නොලබා ගත්තත් හැම තරගයකම එක අන්තයක් ආරක්ෂා කරගෙන සාමාන්‍ය වේගයකින් ලකුණු ලබාගෙන තිබෙනවා. තිසර පෙරේරා පන්දුවෙන් හා පිත්තෙන් සැලකිය යුතු දස්කමක් දක්වා නැ.

එහෙත් පාදග පන්දු යවන්නන්ගෙන් හොදම තුන් ඉරියව් දස්කම් දැක්වුයේ ජීවන් මෙන්ඩිස්. වැන්ඩසේද පන්දුවෙන් දස්කම් දක්වා තිබෙනවා. වේග පන්දුවෙන් චමීර දස්කම් දක්වා තිබෙනවා. ෂෙහාන් ජයසුරිය හා ඇන්ජලෝ පෙරේරා දස්කම් පෙන්වා ඇතතත් ඔවුන් දේශීය තරග වල පමණක් දස්කම් දක්වන නිසා ලෝක කුසලානය නම් තීරණාත්මක තරගාවලියට යොදවිද යන්න බලා සිටින්නට වෙනවා.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!