Breaking News
Home / ක්‍රිඩා / පළාත් තරගාවලියේ අවසන් තරගය වැස්සෙන් සේදෙයි. මැතිව්ස් මාලි ධනාට සම්මාන

පළාත් තරගාවලියේ අවසන් තරගය වැස්සෙන් සේදෙයි. මැතිව්ස් මාලි ධනාට සම්මාන

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වර්ණවත් වූවද වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා කොළඹ කණ්ඩායමේ පිතිකරුවන්ට ලෝක කුසලාන වරම් වලට අසාධාරණයක් වුවා.

කොළඹ කණ්ඩායමේ පළපුරුදු ක්රිදකයන් වන උපුල් තරංග චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ට වගේම ගාල්ල කණ්ඩායමේ දුෂ්මන්ත චමීර දම්මික ප්‍රසාද් චාමික කරුනාරතන වැනි පන්දු යවන්නන්ට යම් අසාදාරනයක් වූ බවයි අපගේ හැගීම. අවසන් තරගය වෙනුවෙන් අමතර දිනයක්ද නම් කර තිබුනේ නැ.ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පැවති අවසන් මහ තරගය (11) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

ගාල්ල ඉනිම අවසානයේ ක්‍රීඩාංගණයට වට වැස්ස හේතුවෙන් තරගය යළි පැවැත්වීමට නොහැකි වූ අතර කොලමබ කණ්ඩායම එක පන්දුවකටවත් මුහුණ නොදී තරගය 3.30ට විසඳුමකින් තොරව අතහැර දමන ලැබුවා. කොළඹ කණ්ඩායමේ මිට පෙර තරගයද වැස්ස නිසා හේදී ගිය අතර එවිට තරංග සහ අවිශ්ක දෙදෙනා 56 ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනූ ගාල්ල නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 7ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තා.

ගාල්ල ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සඳුන් වීරක්කොඩි පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී කිසිදු ලකුණක් ලබා නොදී දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය. ඒත් ලහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගුවා.ධනංජය ද සිල්වා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර ලෝක කුසලානයට දැනටමත් තේරී ඇතැයි අසන්තා පවසන කුසල් මෙන්ඩිස්ට 11 ට දැවී ගියා.

ඔහු තරග 4 න් පළමු තරගයේ පමණක් ලකුණු 65 ලබා ගත් අතර ඒ හැර ඔහු කිසිම තරගයක සාර්ථක වුයේද නැති බව මතක් කල යුතුයි.ලහිරු තිරිමාන්න එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ගාලු ඉනිම ගොඩ නැගූ අතර ඔහු මිලින්ද සිරිවර්ධන හා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ද ගොඩනැගුවා. මිලින්ද සිරිවර්ධන පන්දු 29කට හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.ගාලු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් වූයේ ඉන් අනතුරුව ය.

ඒ ලහිරු තිරිමාන්න සහ වනිඳු හසරංග එක්ව වාර්තා කළ ලකුණු 144යි. වනිඳු හසරංග පන්දු 53කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී නොගියා නම් තවත් දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලාබාගැනීමට ගාල්ලට හැකි වනවා.ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලහිරු තිරිමාන්න ය.

ඔහු පන්දු 128කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම තරමක් වේගය අඩු එකක් වුවත් පන්දු වාර 46 ක් එක අන්තයක ක්‍රීඩා කිරීම නිසා දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අඩිතාලම හැදුවේ ඔහු විසින්.මිනෝද් භානුක සහ ලහිරු මධුශංක පන්දු 19ක දී ලකුණු 28ක සබඳතාවක් එක් කළ සිටිය දී මිනෝද් භානුක ද දුවද්දී දවා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අවසරයෙන් ලකුණු 337 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණයට ඔවුන්ට හැකිවුනා.පන්දු යැවීමේ දී සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, සීක්කුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා. තරගාවලියේ හොදම පිතිකරු වුයේ මැතිව්ස් වන අතර ඔහු ලකුණු 227 තරග 4 තුලා ලබා තිබෙනවා. සාමාන්‍ය 57 වන අතර හොදම ලකුණ 101 ක්. හොදම පන්දු යවන්න ලසිත් මාලිංග වන අතර තරග 3 දී කඩුලු 8 ක් ලබා ඇති අතර කඩුල්ලක සාමාන්‍ය 10 ක්.

හොදම පන්දු යැවීම 49/7 ක්. තරගාවලියේ වීරයා වුයේ ධනංජය සිල්වා වන අතර ඔහු පිත්තෙන් ලකුණු 160 ක් හා කඩුලු 3 ලබා තිබෙනවා. එසේම මේ තරගාවලියේ හොදම පිතිකරුවන් 5 ලෙස ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 227 ක් සාමාන්‍ය 57 යි ලහිරු තිරිමාන්න ලකුණු 213 සාමාන්‍ය 52 යි භානුක රාජපක්ෂ 176 ක් සාමාන්‍ය 44 යි සංගීත් කුරේ 172 ක් සාමාන්‍ය 57 ක් දිමුත් කරුණාරත්න 165 ක් සාමන්‍ය 55 ක් වනවා.

හොදම පන්දු යවන්නන් 5 ලෙස මාලිංග කඩුලු 8 යි පන්දුවාරයක සාමන්‍ය 4.5 ක් තිසර පෙරේරා කඩුලු 7 ක් සමානය 5 ක් කසුන් රාජිත කඩුලු 7 ක් සාමාන්‍ය 6.3 ක් ජීවන් මෙන්ඩිස් කඩුලු 6 ක් සාමන්‍ය 4.8 ක්. අකිල ධනංජය කඩුලු 6 ක් සාමන්‍ය 5.6 ක් ලෙස සදහන් වනවා. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස තේරුම් කමිටුව සලකන අකිලට වඩා 2015 පසු එක්දින කණ්ඩායමට කැදවා නැති ජීවන් පිත්තෙන් වගේම පන්දුවෙන් දස්කම් දැක්වීමයි.

එසේම මෙම තණතිලි සියල්ල සදා තිබුනේ එංගලන්තයට සමානව වේග පන්දු යවන්නට සුදුසු ලෙසයි. එසේම මේ තරගාවලියේ දත්ත විශ්ලේෂණයෙන් පෙනීයන්නේ තරග 4 ක්‍රීඩා කර උපරිම පිතිකරුවෙක් ලබා ඇත්තේ ලකුණු 227 පමණක් බව හා 3 ස්ථානයේ සිටින පිත්කරු ලබා ඇත්තේ ලකුණු 172 යි. එක ක්‍රීඩකයෙක් සාමන්යෙන් දක්ෂතා දක්වද්දී එක දිගට එය පවත්වාගෙන යාමට අපොහොසත් වීම ලංකා කණ්ඩායමේ පරාජයන් වලට විශාල ලෙස බලපෑ කාරණය මෙතැනින්ද පෙන්නුම් කරනවා.

ලොව හොදම දාග පන්දු යවන්නන් දෙදෙනා බිහිකළ ලංකාවේ දැන් දගපන්දු යවන්නන් තර 4 ක්‍රීඩා කල පසු ලබාගන්නේ කඩුලු 6 වීමද ප්‍රශ්නයේ තරම විග්‍රහා කල හැකි. එසේම වේග තණතිලි සදා දුන් විට වේග පන්දු යවන්නම් ලබා ඇත්තේ උපරිම කඩුලු 8 පමණි. මාලිංග පළමු තරගයේ කඩුලු 7 සහ අනතුරු තරග දෙකටම එක කඩුල්ලක් පමණක් ලබා ඇති අතර අනෙක් අය තරග 4 ටම ලබා ඇත්තේ කඩුලු 7 ට පහලින් බවද කැපී පෙනෙන ලක්ෂණයක්.

මේ දේශීය තරගාවලියෙ දස්කම් මත ජාත්‍යන්තරය සමග හැප්පෙන්නට කොතරම් දුරට හැකිවේදැයි බලන්නට ලෝක කුසලානය වන තෙක් බලා සිටීමට සිදුවනවා. අප දන්නා ක්‍රිකට් අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා වර්තමාන ක්‍රිකට් ක්ෂේත්‍රය එහෙම පිටින්ම පසු බෑමකට ලක්වී ඇති බවයි.

හැම විටම සුභාවාදීව සිතන ක්‍රිකට් ප්‍රේමින් සිටින රටක් ලෙස ලෝක කුසලානයේදී වෙනදා මෙන් පෙළහරක් පාන්නට කණ්ඩායමට තේරෙන ක්‍රීඩකයන්ට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ලෝක කුසලානයට මේ වන විට 11 දෙනකු තේරී ඇති බව අප අවසන් වර්තාවේදී පැවසු අතර ඉතිරි 4 දෙනා සමග ලබන 18 වනදා සම්පුර්ණ සංචිතය නම් කරන්න සුදානම් බව තේරුම් කමිටු ප්‍රධානියා පවසනවා.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!