Breaking News
Home / ක්‍රිඩා / පළමු තරග දෙක පැරදී අවසන් තරග 3 පිට පිට කැන්ගරුවන් ජයගෙන ඉන්දියා භුමියේ වාර්තා ගණනාවක් සමග තරගාවලිය ජයගයි. ලෝක කුසලානය අභියස ඉන්දියාවට වූ දේ

පළමු තරග දෙක පැරදී අවසන් තරග 3 පිට පිට කැන්ගරුවන් ජයගෙන ඉන්දියා භුමියේ වාර්තා ගණනාවක් සමග තරගාවලිය ජයගයි. ලෝක කුසලානය අභියස ඉන්දියාවට වූ දේ

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසන් එක්දින තරගය ලකුණු 35 කින් ජයගන්න ඕස්ට්‍රේලියාව සමත්වුනේ ලෝක කුසලානය අභියස නැවත සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින්.

විශේෂයෙන් ලෝකයේ ප්‍රභලම කණ්ඩායම වන ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රේණිගත කිරීම් වල 5 ස්ථානයේ සිටින කැන්ගරුවන් සමත්වුනා. ලංකාව මෙන්ම නැතත් යම් අර්බුධයක ඔවුන් සිටියේ ස්මිත් හා වොනර්ගේ තහනමින් පසු. නමුත් කණ්ඩායමකට ඉන්දියාවට ගොස් ඉන්දියාව පරාජය කිරීම අතීතයේ සිට කල නොහැකි දෙයක්.

නමුත් මෙම නව කණ්ඩායම ප්‍රභල ඉන්දියාව 2-1 ලෙස 2020 තරගාවලිය පරාජයට පත් කරන අතර අද 3-2 ලෙස එක්දින තරගාවලිය ජයගන්නට සමත්වුනා. විශේෂයෙන්ම ආරම්භක පිතිකරු ලෙස ටෙස්ට් කණ්ඩායමේ සිටින උස්මාන් කවාජා ඔවුන් එක්දින තරග වලට යොදාගත් අතර ඔහු තම මංගල ශතකය වාර්තා කරන්න මේ තරගාවලියේ සමත් වුනා.

එසේම ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ලබාගන්නට තමාට ලද අවස්ථාවෙන් ඔහු සමත්වුනා. එසේම නවක ක්‍රීඩකයන් වන ස්ටෝයින්ස් හැන්ස්කොම්බ් වැනි ක්‍රීඩකයන් විශිෂ්ට ලෙස ක්‍රීඩා අකල අතර කමින්ස් සම්පා පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වුනා.

ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කල දෙවන අවසන් තරගාවලිය අද ජයගත්තා. පකිස්තානය සමග තරගාවලියක් 22 සිට 31 දක්වා ඇති අතර එය අවසන් තරගාවලියයි. ඉන්දියාවට ඊලගට තිබෙන්නේ ලෝක කුසලානයයි. අද පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව 272/9 යි. උසමාන කවාජා මේ තරගාවලියේ 2 වන ශතකය මෙන්ම ඔහුගේ ජිවිතයේ දෙවන ශතකය ලෙස ලකුණු 100 ලබා ගත්තා.

4 වන තරගයේ ශතකයක් ලබා ගත නව ක්‍රීඩක හැන්ඩ්ස්කොම්බ් 52 ලබා ගත්තා. පන්දු යැවීමේදී බුවනේශ්වර් කඩුලු 3 ක් ෂාමි 2 සහ දඩේජා කඩුලු 2 ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර 50 දී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 237 පමණයි.

එහිදී මුල් පෙළ ක්‍රීඩකයන් පැහැදිලි සම්බන්ධයක් පැවැත්වුයේ නැති අතර 7 වන කඩුල්ලට බුවනේශ්වර් හා ජාදෙව් ලකුණු 91 එක් කිරීම පමණක් කැපී පෙනෙන සම්බන්ධයක් වුනා. රෝහිත් ශර්මා 56 බුවනේශ්වර් 46 ජාදෙව් 44 යි. සම්පා කඩුලු 3 ක් කමින්ස් ස්ටෝයින්ස් රිචඩ්සන් කඩුලු 2 දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව වාර්තාගත තරගාවලි ජයක් ලබන්න ඕස්ට්‍රේලියාව සමත්වුනා. එසේම අත්හදා බැලීමක් ලෙස ටෙස්ට් කණ්ඩායමෙන් එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු කල උස්මාන් කවාජා පස්වන තරගයේ වීරයා මෙන්ම තරගාවලියේද වීරයා වුවා.

එසේම මෙම තරගාවලියේ වාර්තා කිහිපයක් ඇති අතර ඒ කණ්ඩායමක් පළමු තරග 2 පරාජය වී අවසන් තරග 3 ජයගෙන් ජයගත් ලෝකයේ 5 වන තරගාවලිය වීමයි. එසේම ඉන්දියාව ඉන්දියානු බුමියේ 2015 දී දකුණු අප්‍රිකාවට එරෙහිව 3-2 ලෙස පරාජය වූ පසු පරාජය වූ පළමු තරගාවලියයි.

තවද නායක කෝලි යටතේ මව්බිමේ පරාජය වූ පළමු තරගාවලිය හා එක දිගට තරග 3 පැරදුන පළමු අවස්ථාවද මෙයයි. ඉන්දියාවේ සියලුම කඩුලු 3 වරක් තරාවලියක දැවී ගොස් තිබෙන්නේද 2012 පසුයි. එසේම එක දිගට තරග 3 ඉන්දියාව පරාජය වී තිබෙන්නේ 2009 පසු වීමත් අති විශේෂයි.

ලෝක කුසලානයට පෙර අවසන් තරගාවලිය වාර්තා ගණනාවක් සමග පරාජයට පත්වීම ඔවුන්ගේ මානසිකත්වයට යම් බලපෑමක් ඇතිවිය හැකි.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!