Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / පසුගිය ඔක්තෝබරයේ මියගිය තායි රජුගේ දින 5 ක් පුරා පැවැත්වෙන අවමඟුල් උත්සවය

පසුගිය ඔක්තෝබරයේ මියගිය තායි රජුගේ දින 5 ක් පුරා පැවැත්වෙන අවමඟුල් උත්සවය

තායිලන්තයේ හිටපු රජු පූමිපොන් අදුන්යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ සිටියහ.

හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා විය.

බ්‍රහස්පතින්දා (ඔක් 26) පැවතියේ දින පහකින් සමන්විත අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන අංගයයි.

සිය රජතුමා වෙත ගෞරව දැක්වීමක් වශයෙන් මාර්ග දෙපස රැස්ව සිටි ජනතාව කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

තායිලන්ත ජනතාව අතර ගෞරවාදරයට පත්‍ර වූ පූමිපොන අදුන්යදේජ් රජතුමා මෙලොවින් සමුගත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

මිය යන විට ඔහු 88 වෙනි වියේ පසු විය.

 

අවමංගල්‍ය උත්සවය රාජකීය මාලිගයේ දී බදාදා නිල වශයෙන් ආරම්භ කෙරුණේ බෞද්ධ ආගමික පිළිවෙත් සහිත පිංකම් උත්සවයකිනි.
අවමංගල්‍ය පෙරහැර ආරම්භ කිරීමට පෙර රාජකීය මාලිගය තුළ දී බෞද්ධ ආගමික වතාවත් මාලාවක් සිදු කෙරිණි.

අදුන්යදේජ් රජුගේ දේහය සහිත රාජකීය චිතකයට ඔහුගේ පුත් වචිරාලොන්ගෝන් රජු විසින් පසුව ගිනි දැල්වීමට නියමිතය.
සංකේතාත්මක මංජුසාව ගෙන යාම සඳහා භාවිත කරන ලද රථය 18 වෙනි ශතවර්ෂයට අයත්ය.

ටොන් 14 බරැති එම රථය ඇදගෙන යනු ලැබුවේ 200 අධික හමුදා භටයන් පිරිසක් විසිනි

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!