Breaking News
Home / දේශීය පුවත් / පලාලි ගුවන්තොටුපල හා තමිල්නාඩු ප්‍රාන්තයේ නගර 4 ක් ඇතුලත සෘජු ගුවන් ගමන් ඇරභිමට යයි

පලාලි ගුවන්තොටුපල හා තමිල්නාඩු ප්‍රාන්තයේ නගර 4 ක් ඇතුලත සෘජු ගුවන් ගමන් ඇරභිමට යයි

ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දියානු දූත පිරිස දෙරට අතර පවතින සබදතාව තව දුරටත් වර්ධනය කරගත යුතු බව පෙන්වා දී ඇත.

පලාලි කලාපීය ගුවන්තොටුපල හා ඉන්දියාවේ නගර 04 ක් අතර නොදුරු අනාගතයේදී ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවාව හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම නියෝජිත පිරිස දැනුවත් කරද ඇත.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!