Breaking News
Home / දේශීය පුවත් / පලාත් පාලන ඡන්දය අවසානයත් සමග පලාත් සභා මැතිවරණයට එජාපය වේලපහෙන්ම සැලසුම් හදලලු

පලාත් පාලන ඡන්දය අවසානයත් සමග පලාත් සභා මැතිවරණයට එජාපය වේලපහෙන්ම සැලසුම් හදලලු

පළාත් පාලන ආයතන ජන්ද විමසිම අවසන් වූ විගස පවත්වන පළාත් සභා ඡන්දයට නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින සියළුම පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන ඡන්දය ජයග්‍රහණය කළයුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය.

තමන්ට පවරා ඇති බල ප්‍රදේශ ජයග්‍රහණය නොකරන අයට පළාත් සභා අපේක්ෂකත්වය ලබා නොදිමට ද පක්ෂය තිරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ ඉහත නියෝගය එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා මගින් ඉදිරි පළාත් සභා ඡන්දයට ඉදිරිපත් විමට අපේක්ෂාවෙන් සිටින සියලූ දෙනා වෙත ලිඛිතව දැනුම් දි තිබේ.
පළාත් සභා අපේක්ෂකයන්ට පළාත් පාලන ආයතන ඡන්ද කටයුතු මුළු දිවයිනටම බලපාන පරිදි පවරා දි ඇත.

උතුරු නැගෙනහිර ඇතුළු සියළු ප්‍රදේශවල ඒ ඒ කොට්ඨාශ නියෝජනය කරමින් පළාත් සභා අපේකෂකයන් වෙත භාර දි තිබෙන බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය සඳහන් කළේය.

පළාත් සභා අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සියළු දෙනා අනිවාර්යෙන්ම ඔවුනට බාරදී ඇති පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ යුතු බව ද පක්ෂ නායකත්වය නියෝග කර තිබේ.

About lanka

Check Also

එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ2013-07-30 දිනැති අංක 1818-30 දරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!