Breaking News
Home / ක්‍රිඩා / පල්ලෙකැලේ ක්‍රීඩාංගනේ නව මධ්‍යස්ථානය බාරදී තියෙන්නේ කිසි සුසුකම් නැති එකෙක්ටලු – මාලිංග හෙළිකරයි

පල්ලෙකැලේ ක්‍රීඩාංගනේ නව මධ්‍යස්ථානය බාරදී තියෙන්නේ කිසි සුසුකම් නැති එකෙක්ටලු – මාලිංග හෙළිකරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය භාරදී තිබෙන්නේ ඒ සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකුට බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේබව පැවසුවේ පසුගියදා බත්තරමුල්ලේ පැවති ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කළ වැඩමුළුවකදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මඟකට යොමුකරලීමේ තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී වූ වැඩමුළුවක් පසුගියදා බත්තරමුල්ල වොටර්ස්එජ් හීදී පැවැත්වුණා. වැඩමුළුව අවසන්වීමට මත්තෙන් අදහස් දැක්වූ ලසිත් මාලිංග චෝදනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් කඩාවැටීමට බලධාරීන් මෙන්ම ක්‍රීඩකයින්ද වගකිව යුතු බවයි. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට නොහැකි වුණේ වැඩමුළුවේ මුල් කොටස පමණක් මාධ්‍යයට විවෘත වීම හේතුවෙන්.

ලෝකයේ රටවල් 111 කින් පුර්ණ සාමාජිකත්වය ලද 8 වන රට බවට පත්වීමට හැකිවූ රටේ ජාත්‍යන්තර සංකේතය වන ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට පාලකයින් මිටවඩා වගබලාගත යුතුයි. මේ වන විට නිසි පරිපාලනයක් නොමැතිවීම නිසා අයි.සි.සි. එක විසින් සාමාජිකත්වය අහෝසිකළ රටවල් ගණන 7 ක් පමණ වනවා. පුරන සාමාජිකයකු වුවත් නිසි පරිපාලනයක් නොමැති වුවොත් රටේ ප්‍රබල ක්‍රීඩකයින් පැමිණිලි කළහොත් සාමාජිකත්වයද නැතිවී යාමටද හැකි.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!