Breaking News
Home / දේශීය පුවත් / පරාජයෙන් පසු සජිත් ආගිය අතක් නැ

පරාජයෙන් පසු සජිත් ආගිය අතක් නැ

සජිත් ජනාධිපති කරන සටනේ අපේක්ෂකත්වය හයිජැක් කිරීමට පළමුවෙන්ම කටයුතු කලේ හරින් ප්‍රනාන්දුයි. ඔහු ඉකුත් රජයේ ක්‍රිඩා හා විදේශ රැකියා ඇමතිවරයායි. ඔහු විදේශ රැකියා ඇමතිවරයා ලෙස ජපන් රැකියා අවස්තා ගණනාවක් ලැබුනු අතර ඔහුගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන් විසින් එම එක් රැකියා අවස්තාවක් රුපියල් ලක්ෂ 8 ක් වැනි මිලකට අලෙවි කර ඇති බවත් එජාප පාක්ෂිකයන් නොවන පුද්ගලයන්ට මේවා ලබා දී ඇති බවත් එජාප ආරංචි මාර්ග දැන් සදහන් කරනවා.

ඔහුට පාර්ලිමේන්තුවට යාමට හා ඌව මහා ඇමතිවිමට දිවිහිමියෙන් උදව් කළ තරුණ තරුණියන්ට පවා මොහු ජපන් රැකියා මුදලට ලබා දීමට උත්සහා කර ඇති බව බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඔහු කොලබට වී කාලය කතාකලා හැරෙන්නට 2015 දී බලය ලබාගැනීමට කැප වූ පාක්ෂිකයන්ගේ ගැටළු විසදීමට බදුල්ලට ගොස් නැත. එහි ප්‍රතිපල ඔහුට ලැබුනේ දිස්ත්‍රික්කය හා ආසනය පරාජය වීමෙන්. මෙවර පාර්ලිමේන්තු යාමදට හැකිවේදැයි අවධානමක් මේ වන විට ඔහුට ඇත.

සජිත් ප්‍රේමදාස බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා අතර ජන්ප්‍රිය බැවින් ඔහුගේ ජනප්‍රියත්වයෙන් ගොඩයාමට කටයුතු කළද එය අසර්තක වූ බැවින් දැන් මේ පිරිස නැවත සජිත්ව ඉස්සරහට ගෙන පාර්ලිමේන්තු යාමට අවශ්‍ය නිසා පරාජයට හේතුව වෙන අයෙක්ගේ කියමින් සමාජ ගත කරමින් සිටි. මොහු මෙවර බදුල්ලේ රැස්වීම් වලදී පැවසුවේ මා සමග අමනාප නම් කමක් නැ අපේ තරුණ අනයකයා ජනාධිපති කරන්න පාර්ලිමේන්තු මැතිවරණෙදී අපිට උත්තරේ දෙන්න යනුවෙන්.

මොවුන්ගේ ආසනවල අය ඔවුන්ගේ සැබෑ තත්වය ප්‍රදේශයේ මන්ත්‍රීවරු මෙන්ම ජනතාව දන්නා වුවත් පිට අය නොදන්නා නිසා පක්ෂ නායක ගැටය තදින්ම ගිල ඇති සජිත් ප්‍රේමදාස මේ වන විට ජනප්‍රසාදය අහිමව ඇති මොවුන්ගේ නැවත ලනුව ගිලිමින් සිටි. එසේම රටේ නාලිකාවක් දශක ගනාවක සිට පරම්පරා කෝන්තරයකට නායකයා එළවීමට සජිත් නම් ඩමිය නැවත නැවතත් බාවිත කරමින් සිටි. මොහු ජනපති අපේක්ෂක වූ පසු සිරිසේනට දුන් තරම් සහයක් එම මාධයෙන් දුන්නේද නැත.

කියන්නන් කෙසේ කිවත් තමන්ට අදහසක් තීරණ ගැනීමට බුද්ධියක් අවශ්‍ය වේ. එම නායකත්ව ලක්ෂණ කිසිවක් නැති බොල් පිළිමයක් නායකයා වීමෙන් පාක්ෂිකයා අනාත වෙනු ඇති. හොදම උදාහරණය වන්නේ සජිත් පරාජයට පත්වී දින 3 වෙද්දීත් ආගිය අතක් නැතිවීම මෙන්ම 21 සිරිකොත හමුවක් සංවිධානය කිරිමට වටේ සිටි කල්ලියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවීමයි. අනෙක් කාරණය නම් සජිත් ජනපති කරන්නට ගේම ගැසූ උදවියගේ දුරකතනද දින දෙකක් පමණ යන තුරු ප්‍රතිචාර නොදක්වා පාක්ෂිකයා මෙන්ම කාර්යමණ්ඩලද අනාත කර සිටීමයි.

දේශපාලනයේ මෙන්ම ඕනෑම තරගයක ජය පරාජය පොදු එකක් වන අතර මහින්ද 2015 පැරදි ගෙදර ගොස් ගේ මැද ඉගෙන කලේ පාක්ෂිකයන්ට කතා කිරීමයි. එසේම ජනේලය උඩ නැග පාක්ෂිකයන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමයි. එවන් නායකත්ව ලක්ෂණ මෙම ළදරු දේශපාලකයන්ට නැත. රනිල්ට පලු යන්නට ගසන නඩය කිසිවක් නොකලත් පසු දිනම පාක්ෂිකයන්ට ස්තුති කර නිවේදනයක් නිකුත් කල අතර පසුගිය දශක දෙක තුලම රනිල් පක්ෂ නායකයා ලෙසද අගමැති වරයෙක් ලෙසද විශේෂයෙන් පරාජය වූ අවස්තාවක පාක්ෂිකයන් තනි කර දොර වසාගෙන ගෙදර නිදාගෙන නැත.

පිළිගැනීමට අකමැති වුවත් සත්‍ය එය වන අතර එජාපය ළදරු දේශපාලකයන් අතට පත්වුවහොත් රටට ශක්තිමත් විමක්ෂයක් නැති වීමෙන් බලය හොබවන ආණ්ඩුව සදාකාලිකව වැජබෙනු ඇති. තවද සජිත් ඇතුළු ළදරු දේශපාලකයන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් කිසිවක් නැති වීමද ලංකාවේ අනාගත දේශපාලනයට විශාල ප්‍රශ්නයකි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!