Breaking News
Home / ක්‍රිඩා / පරාජයට වගකිව යුත්තේ කැප්ටන් කියු දයාසිරිගේ ගෝලයා ලැබරෝයි සිම්බාබ්වේ ඉදන් තේරිම් කරලා මාලිංග ආය කපලා

පරාජයට වගකිව යුත්තේ කැප්ටන් කියු දයාසිරිගේ ගෝලයා ලැබරෝයි සිම්බාබ්වේ ඉදන් තේරිම් කරලා මාලිංග ආය කපලා

මේ මස අවසානයේ ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් ක්‍රිකට් සිව්දින තරඟාවලිය සඳහා කණ්ඩායම් හතරකට ක්‍රීඩකයන් තෝරාගැනීමේ අපිළිවෙල ගැන ක්‍රීඩා සමාජ නිලධාරීන් හා ක්‍රීඩකයන් රැසක් තම අප්‍රසාදය පල කර තිබෙනවා.

ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව මගින් මෙම තේරීම් සිදුකර ඇති අතර අවසාන තේරීම් සිදු කරද්දී ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකාවේ සිට නොසිටි අතර ඔහු මේ දිනවල හරාරේහි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් වටයට තෝරා ගැනීමේ තරඟාවලියේ තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු සභාපතිවරයා වුවද මෙරට තරඟාවලි සහ ක්‍රීඩක දක්ෂතා නැරඹීමට වඩා ICC තරඟ තීරක කටයුතුවලට කාලය මිඩංගු කරන ලැබ්‍රෝයි මහතා පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා තේරීම් කමිටු සාමාජිකයෙකු හා නිරීක්ෂකයෙකු ලෙස නවසීලන්තයට ගොස් සති තුනකට ආසන්න කාලයක් එහි ගත කළ අතර එහිදීද වැරදි තේරීම් සිදුකොට ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර දී තිබුණා.

කුසලතා පිරි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙවර පළාත් තරඟාවලියට තෝරාගෙන නොමැති අතර ඉදිරියේදී කිසිසේත් ශ්‍රී ලංකාව නියෝජනය කරතැයි අපේක්ෂා කළ නොහැකි හිටපු වයෝවෘද්ධ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තෝරාගෙන තිබීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකා 20යි 20 තරඟවලදී වේග පන්දු යවන්නන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් දේශීය තරඟවල දක්ෂතා දැක්වූ ලසිත් මාලිංගට අවස්ථාවක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධවද ලැබ්‍රෝයි මහතා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දොෂ දර්ශනයටද ලක්ව තිබුණා.

ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබමින් ICC තරඟ තීරක රැකියාවට මුල් තැන දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය අවතක්සේරු කරන ලැබ්‍රෝයි මහතාගේ මෙම පැවැත්ම ගැන ක්‍රීඩා ඇමතිවරයාද මුනිවත රකින අතර තරග පරාජයන්ට හේතුව කණ්ඩායම් නායකයා භාර ගත යුතු බව පසුගියදා පැවසුවා.

About lanka

Check Also

වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගන් තරගයේ ඊයේ (17) ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග ලංකාවට ආපසු පැමිණීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!